වත්මන් නාවික හමුදාපති වරයාගේ සොහොයුරා වන නැගෙනහිර පළාත් යුධ හමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා විසින් යුධ හමුදා නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ‍රැසක් එල්ල වී තිබේ.

දීමුගේ පුතාට ඇප(update)

Published in පුවත්
Wednesday, 21 January 2015 12:29

හිටපු අගමැති පුත් අනුරාධ ලංකා ජයරත්න, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි හා ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයාට ඇප ලබාදී තිබේ.

අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප‍්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම අද (21දා) කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

විවෘත විශ්වවිද්‍යාලයේ ගැටලු වලට විසඳුම් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ආරම්භකර ඇති සත්‍යග්‍රහයට අදට දින 36 කි. එම සත්‍යග්‍රහය සඳහා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලයද අද (21දා) එක්විය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැරණි ක‍්‍රමයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත. පැරණි ක‍්‍රමයටම ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය. මීට පෙර සන්ධාන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන ශිෂ්‍යත්ව විභාගය සදහා එක් ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදීමට කටයුතු කළේය.

නීති විරෝධී ලෙස අලි පැටවුන් ලියාපදිංචි කිරීමේ දේශපාලන කි‍්‍රයාවලිය පිළිබඳ නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පරිසරවේදීන් තීරණය කර අැත.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නව රජයට බලකර සිටියි.

මංගල වටේ හොරු කැරකේ.

Published in පුවත්
Wednesday, 21 January 2015 09:37

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස වැඩ බාර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා ඊට අනුබද්ධව පවතින ආයතනවල දූෂණ වංචාවලට සම්බන්ධව පුද්ගලයන් හා එවැනි කරුණු නිසා එම ආයතනවලින් නෙ‍රැපීමට ලක්වූවන් කිහිප දෙනෙකු මංගල සමරවීර මහතා වෙත සුභ පැතුම් පණිවිඩ එවා තිබෙන බව වාර්තා වේ.

 

ld add copy

Connet With Us