අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඉදි කරන හෝටල සංකීර්ණ සඳහා කැසිනෝ සහ සූදු පවත්වාගෙන යැමටද පසුගිය ආණ්‌ඩුව ලබාදී තිබෙන අවසරය වහා තහනම් කිරීමට තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසූවේය.
සුදත් සිල්වයි, මස්සිනයි ගසා කාපු හැටි ITN සේවකයෝ හෙළි කරති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ ඡායාරූප ශිල්පියා ලෙස පෙනී සිටින රාජපක්ෂ ජනාධිපතිවරයාගේද නිල ඡායාරූප ශිල්පියා වූ සුදත් සිල්වා හා ඔහුගේ මස්සිනා වන ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (වෙළඳ) උපාලි රංජිත් විසින් රාජපක්ෂවරුන්ගේ දැන්වීම විකාශය කිරීම මඟින් සිදු කර ඇති වංචා දූෂණ හා තවත් අකටයුතුකම් රැසක් එම ආයතනයේ සේවක සේවිකාවන් විසින් හෙළිදරව් කරති.
ලස්සන වෙන්න නම් පලතුරු කන්න ඕන කියලා සමාජයේ කා අතරත් ප්‍රසිද්ධ කථාබහක් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ලස්සන වෙන්න හිතාගෙන සමහර අය පලතුරු මුහුණෙත් ආලේප කරනවා.
පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින්ද ඉතිරි රුපියල් 5000 ලබන ජූනි මාසයේ සිට ද වැඩිකරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි නව දහස් ගණනක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණ ද, ජනපති නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසුවේය.
ඉරාන – ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන උමා ඔය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්නැයි ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා අද දින ආයතන පරිශ්‍රයේදී වැඩ බාර ගනු ලැබුවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නායක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.