මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ළමා අපයෝජන, ස්ත‍්‍රී දූෂණ කල පුද්ගලයින්ට, පුරාවිද්‍යාත්මක උරුමයන්ට පවා හානි කළ පුද්ගලයින්ට නිසි අකාරයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවුන බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා ඊයේ (28) සෝලිස් හෝටලයේදී පැවති ‘‘හංසාගමනය’’ වැඩසටහන පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා වෙත යවන ලද ප්‍රධාන ලිපි 13 ක් පළමු වතාවට මාධ්‍යයට ලබාදීමට තීරණය කර ඇත. පෞද්ගලික හෝ ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළ කිසිඳු අවස්ථාවකදී පල නොවූ මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටි.

ජනාධිපතිවරණය නිරීක්‍ෂණය සදහා පැෆරල් සංවිධානයේ ආරාධනයෙන් ජාත්‍යන්තර නියෝජිතයන් 36 දෙනෙකු ශී‍්‍ර ලංකාවට පැමිණ අැත. ඔවුන් සියලූ දෙනා ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ සාමාජිකයෝ වෙති. 
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ  මහතාද මෛත්‍රීපාලනයක් උදෙසා  සහය දැක්වීමට සූදානම් බව වාර්තාවේ.
 
මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සමඟ  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ද ඔහු පවත්වා ඇත. 
 
ජනප්‍රිය අධ්‍යාපනඥයෙක් වන හා ගුරුවරයෙක් වන ග්‍රෙරෝ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසුණු අයෙකු වන අතර  පසුව 2011 වසරේදී ආණ්ඩුවට එක්විය. එහිදී අධ්‍යපන නියෝජ්‍ය ඇමැතිකමක්ද ඔහුට ලැබුණු නමුත් එහි කිසිදු බලයක්  සහිත නොවීය. පසුගිය සති කිහිපය තුල ඔහු මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචරක කටයුතුවලින්ද ඉවත්ව සිටියේය.
 
meet
 
අද දින අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ  මහතා  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවූ අවස්ථාව
 
මේවන විට එක්සත් ප්‍රවෘතිපත්‍ර සමාගම (ලේක්හවුස්) විසින්  මුද්‍රණය  කරමින්  පවතින විපක්ෂයේ පොදු අපෙක්ෂකයා හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධ අසත්‍ය කරුණුවලින් යුක්ත සෙත්මිණ නම් ජෝතිෂ පුවත්පත මුද්‍රණය කිරීම වහා වලක්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබුණද ඔහු මේ දක්වා ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැත.

මෙවර ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට කිසිදු හොර ඡන්දයක් දැමීමට , ඡන්ද පෙට්ටි මාරු කිරීමට, කොම්පියුටර් ජිල්මාට් කිරීමට හෝ මැරකම්, ප්‍රචණ්ඩ ක්‍රියාකොට ප්‍රතිඵලය වෙනස් කිරීමට හෝ කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බවත් එජාපයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු පැවැසීය.

( වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමක්)

ශ්‍රී ලංකාවේ වනාන්තර වල දිවි ගෙවූ වන අලි රංචු වලින් කුඩා පැටවුන් පැහැරගෙන විත් රුපියල් කොටි ගණනින් මුදලට විකිණීමේ ජාවාරමක් රට තුල ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් විසින් දිගින් දිගටම සිදු කරුණු ලැබූ හෙළිදරව් කිරීම් සනාථ කරමින් ගතවූ වසර තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අලි පැටවුන් සම්බන්ධ ඉදිරි විමර්ශන මේ වන විටත් පවතින්නේ ඉතා ඇල්මැරුණු ස්වභාවයකින් බව අවධාරණය කල යුතුය. මේ මහා අහස පොළොව නූහුලන අපරාධය පිටු දැකීම සඳහා අදාල වැරදිකරුවන් සොයා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට නිසි දඬුවම් පැනවීම සිදුකල යුතුව තිබුනද වගකිවයුතු පාර්ශව ඒ සම්බන්ධයෙන් නිද්‍රා සහගත පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම ජාතියේ අවාසනාවකි.

ජනවාරී 08 වන දිනට පැවැත්වීමට නියමිත  ජනාධිතිවරණය කල් නොදමන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාට රෙජීමයෙන් බලපෑම් එල්ලවී ඇති බව මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 

ld add copy

Connet With Us