මැතිවරණ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බව පවසමින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව උද්ඝෝෂණයක් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දියත් විය.

විපක්ෂයේ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ මැතිවරණ කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගී වූ බව කියන පුද්ගලයෙකු රාජ‍ාංගනය යාය 04 ප්‍රදේශයේදී අභිරහස් ලෙස මරා දමා ති‍බියදී සොයා ගෙන අැත.

වරදක් කර ඇත්නම් නම් එය නීතියට භාර දෙනවා මිසක් පළිනොගන්නා බවත් වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද(18) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.

මේ වන විට ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් 100,000ක් ලැබී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ දකුණු පළාත් නියෝජිතයින් දෙදෙනෙක් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පල කිරීමට ඉදිරිපත් වී අැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදාවුවහොත්, දෙවැනි මනාපය ගණන් කිරීමට පෙර ජනතාව සමඟ පාරට බැස සටන් කිරීමට විරුද්ධ පාක්ෂිකයන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

ඡන්ද පොළේ ඡන්දය භාවිතා කිරීමේ දී, හෝ ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ආකාරයේ මහා පරිමාණයේ දුෂණ සිදුවන බවට යමෙක් ඔප්පු කළ හොත් විශ්‍රාම වැටුපද නොගෙන ඉවත් වීමට තමා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයන් සුදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තමාට අනාගතයේදී සාධාරණයක් ඉෂ්ට වනු ඇති බවත්, තමා දේශපාලනයට නොපිවිසෙන බවත් හිටපු අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

 

ld add copy

Connet With Us