මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියතාවය ඉහලයමින් පවතින බවට විවිධ ජනමත සමීක්ෂණ හා ආරක්ෂක බුද්ධි වාර්තා මගින් හෙලිදරව් වීමත් සමග ලැබිය හැකි පරාජය වලක්වා ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවදානය යොමුව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනමතය මගින් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයෙකු ජයග‍්‍රහණයට පත්වුවහොත්, ජනාධිපතිධුරයේ තවදුරටත් කටයුතු කිරීමට සදාචාරාත්මක හෝ නීතිමය වශයෙන් අවකාශයක් නොමැති බව ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා ඊයේ (17) පොදු අපෙක්‍ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප‍්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය නගරයේ වෙළෙඳ පොළ අසල ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ සාමාජිකයන් පිරිසකට තර්ජනය කරමින් ඔවුන් සතුව තිබූ අත්පත්‍රිකා සියල්ල ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත.

ආර්ථික සංවර්ධනයක් හා ඓශ්චර්යක් පිළිබඳව කථා කරන වත්මන් ආණ්ඩුව ණය පොලී ගෙවීමට තරම් ආදායමක් ඉපැයීමට අසමත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

10% ඉක්මවූ ණය පොලී අනුපාතයකට ව්‍යාපෘති සඳහා ණය ලබා ගත් සැබෑ මෙගා ඩීල්කරුවන් සමග හිටගෙන සිටින ඇතමුන් අද ආණ්ඩුවට බොරු චෝදනා ඉදිරිපත් කරන බවත්
හැකිනම් ව්‍යාපෘති සඳහා ලබාගත් ණය පොලී සම්බන්ධ ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (19) දිනයේ එළිදක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් වහා ස්ථිර කරන ලෙසට බලකරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද (17) විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මේ වන විට අප රට තුළ සිදුවී ඇති වංචා සහ දූෂණ හෙළිදරව් කිරීම් විශ්වාස කිරීමට පවා නොහැකි තරම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය. ජනතාවගේ මුදල් සූරාකමින් එම මුදල් රහස් ගිණුම් වල තැන්පත් කර ඇති බවත් නුදුරු දිනක මෙම වංචාවන් හෙළි කරන බවත් ඔහු පැවසුවේය.

 

ld add copy

Connet With Us