බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද හම්බන්තොට එල්ලූම්ගස සහ මුරකුටිය සංරක්‍ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව තමාට තනිව තීන්දුවක්‌ ගත නොහැකි බවත් එය පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌කර ප්‍රකාශයට පත් කරන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ට දැනුම් දී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මෙම වසරේ 20වන වතාවටත් සංවිධානය කරන”මාගේ දේශය අවදි කරනු මැන” සාහිත්‍ය උළෙළ සංවිධානය කිරීමට පරිපාලනය බාධා එල්ල කර ඇති බව මහා ශිෂ්‍ය සංගමය නිවේදනයකින් මගින් සදහන් කරයි.

කොළඹ පිහිටි රාත‍්‍රී සමාජ ශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අැත.
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්.ටී.ටී.ඊයට මුදල් ලබා දුන් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.

ඔස්ට්‍රේලියාවේ බිලියනපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේදී සිය කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා සූදානමින් සිටී. ඔහු ඒ පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජයත් සමග සකාච්ඡා කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

2015 ජනවාරි  මාසයේදී පාප්වහන්සේගේ  ලංකා  සංචාරය  වෙනුවෙන්  ශ්‍රී  ලංකා  පොලිසිය  විසින්  දැඩි  ආරක්ෂක  සැලැස්මක්  ක්‍රියාත්මක  කිරීමට නියමිතය.

තමන් මේ වන විට රජය සමග කිසිඳු සබඳතාවයක් නොමැති ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු බවට පත්ව ඇතැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේය.

 

ld add copy

Connet With Us