තමන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව 'පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේ' අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

මෙක්සිකෝවේ ඉගුවාලා නගරයේ ශිෂ්‍යයන් 43 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව එහි මත්ද්‍රව්‍ය කල්ලියක් පිළිගෙන අැත.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට අරමුණු කරගත් පොදු වැඩපිළිවෙළක්‌ සඳහා  එක්‌සත් ජාතික පක්‍ෂය එකඟවීමට තීරණය කර ඇත. ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පත්කොට ඇති එක්‌සත් ජාතික පක්‍ෂයේ විසිදෙනකුගෙන් යුත් කමිටුව සිරිකොතදී ඊයේ (07 දා) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ  තීරණය ගෙන තිබේ.

2008 වර්ෂයේදී රුපියල් 1,877,000ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන අගරු චෙක්පත් ලබා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

අප්‍රිකාවේ  බුරිකිනාෆාසෝ රාජ්‍යයේ පවතින අස්ථාවරත්වය සමනය කිරීම සඳහා 2015 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයකින් බලය හුවමාර කිරීමට එරට විපක්ෂ‍ ‍දේශපාලනන පක්ෂ එකඟතාවයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (06 දා) අනාවරණය කළේය. 

රුපියල් මිලියන 113ක වියදමින් ඉදිකළ සුගතදාස ක්‍රිඩංගනයේ ධාවන පථය පළමු ශ්‍රේණියේ ධාවනපථයක් බවට සහතික ලබාතිබියදී එහි තැනින් තැන පළුදු වී ගොස් ධාවන පථය විනාශයට පත් වූ අතර මේ අනුව අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය චෝදනා කොට සිටියේ පථය ඉදිකළ විදේශීය සමාගමටය.

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිමට අදාළ කරුණු විවෘත අධිකරණය හමුවේ විභාග කරන ලෙස ඉල්ලා මෝසම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඉබෝලා වෛරසය සමග සටන් කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් තමන්ට මේ වනතුරුත් ලැබී නොමැති බව බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුම් ප්‍රධානී ටෝනි බැන්බරි පවසයි.

 

ld add copy

Connet With Us