රුපියල් බිලියනයට වැඩි මුල්‍ය වංචාවක් කරන ලදැයි සිද්ධියේ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
තමන්ට එල්ල කරන ලද අමු මිරිස් අබියෝගය බාර ගන්නා බව අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මාධ්‍යවේදීන් සඳහාද සහනදායී මුදලට යතුරුපැදි ලබා දිමට කටයුතු කරන්නැයි අනුරාධපුර රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.මේවන විට ද රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහා රුපියල් හතළිස් පන්දහසක පමණ සහනදායී මුදලකට රජය මගින් යතුරු පැදි ප්රදානය කිරිමට පියවරගෙන ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් තුන්වැනි වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව අදහස් විමසීමක් ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත්රයේ ඉහළම ආයතනයකින් සිදුකර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක තනතුරට නිල වශයෙන් පත් කිරීම සඳහා වූ යෝජනාව ලබන 23 වන දා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව එජාප මහලේකම්වරයා පවසයි. එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ නොවන්නේ නම් තුනෙන් එකකට නොඅඩු සාමාජික පිරිසගේ අත්සනින් යුතු ලිපියක් මගින් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සති අන්ත පුවත් පතක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
අති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇත.
බදුල්ලේදී ජන හමුවක් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ උම්මා දෙන නායකයන් රටට අවශ්‍ය නොවන බවයි.
රුපියල් කෝටි හතරක මුදලකට මහනුවර නගරයේ රා තැබෑරුම් ටෙන්ඩරය අලෙවි වී ඇත.