දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අභාවප්‍රාප්ත විය.  අක්මාවේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෙල්ලප්පිලි මහතා අද (01) උදෑසන මියගොස් ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය. 

මැදිරිගිරිය බිසෝබණ්ඩාරගම මවක් සිය දරුවන් තිදෙනාගේ පිපාසය සංසිඳවීමට ජීවිතය පරදුවට තබා කඹයක් ආධාරයෙන් අඩි 30කටත් වඩා ගැඹුරු ළිඳකට බැසීමේ සිද්ධියක් වාර්තාවේ.

ලෝක ඉතිහාසය කියන්නෙ විවිධ සිදුවීම් වලින් පිරුණ කියවල ඉවරකරගන්න බැරි වුණ පොතක් වගේ. 

‘ධම්මපද සුගායන රියැලිටි තරගාවලියක් ’ සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් සංවිධානය කර තිබේ.

ඌව පළාතේ ප්‍රචාරක වැඩපිළවලට සහභාගී වීම සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සඳුදා රත්නපුර හොරණ මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී රථයේ ගමන් ගත් ආරක්ෂක නිලධාරියා සිද්ධිය පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයට එසැණින් දැනුම් දුන්නේය.

උඩක්කුව - මදුරන්කුලිය මාර්ගයේ කනමුලේ මුස්ලිම් විදුහල ඉදිරිපිට සිදු වූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එමින් සිටියදී මියගොස් ඇත.

‘පෝෂණ සතිය' වැඩ සටහන යටතේ රටපුරා පාසැල්වල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන  රග්බි ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩසටහනක් ඊයේ  (31) උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවති අවස්ථාවේදී, ශිෂ්‍යාවන් හූ හඬ නගමින් සංග්‍රහ කර ඇති බව වාර්තා වේ.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙ චීන රජයට දුර්ලභ කුරුල්ලන් 16 දෙනෙකු පරිත්‍යාග කර තිබේ. ඒ අනුව ලතුවැකි පක්ෂීන් 16 දෙනෙකු ඉකුත් (29) දින චීනයට යැවූ බව එහි සහකාර අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය. 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us