මත්පැන් නිෂ්පාදනාගාර සහ මත්පැන් අලෙවිසල් රැසක් නිසියාකාරව බදු නොගෙවීම නිසා 2025 වසරට අදාළව සුරාබදු බලපත්‍ර ලබාගැනීමට නොහැකිවන තත්ත්වයක් උදා වී තිබේ.
සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්
පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) දිනයේ මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
NPPට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ යෝජනාව මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි
ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
බාර් ලයිසන් දුන්නේ ඇයි? දෙන්න මුදල් අය කළේ ඇයි ? රනිල්ගෙන් නිවේදනයක්
සුරා බදු බලපත්‍ර නිකුත් කිරීමේ දී මුදල් අය කළේ ඇයි ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමේ නිවේදනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇත.
ජනතාවට සහන දෙනවා වැඩි නේදැයි විපක්ෂයෙන් අසන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කරයි.
ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පෙබරවාරි මාසය ඉදිරිපත් කිරීමෙන් පසු ජනතාවට සහන රැසක් දෙන බවත් ඒ මහතා පවසා ඇත.
නව ආණ්ඩුව පත් වී ගතවන්නේ ඉතා කෙටි කාලයක් නිසා තවත් සාධාරන කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කරනු ලබයි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර තිබේ.
අනුර මිළට හාල් විකුණන්න බැහැ. සිල්ලර වෙළෙන්දෝ හාල් විකිණිම අත් හරියි
රට තුළ මේ වන විට උග්‍ර වී ඇති සහල් හිඟය සහ වැඩි මිලට සහල් අලෙවි කිරීම පාලනය කිරීමට ජනාධිපතිගේ මැදිහත්වීමෙන් සහල් සඳහා නව පාලන මිලක් නියම කළත් ඊයේ (දෙසැ. 8) රට පුරා උග්‍ර සහල් හිඟයක් පවතින බවට වාර්තා වෙයි.