අත්අඩංගුවට ගනු ලබන මත්කුඩු තොගවලට කුමක්‌ කරන්නේද යන්න මේ දිනවල සමාජයේ ප්‍රබල මාතෘකාවක්‌ වී ඇති බැවින්, දිවයින "පුවත්පත විසින් ඒ පිළිබඳව විශේෂ සමීක්‍ෂණයක්‌" පවත්වා ඇත.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් 'බ්ලොක් කර' ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝදනය කළ යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නේවාසිකාගාරයතුළ පසුගියදා සිදුවී ඇති ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ තිදෙනෙකු සපුගස්කන්ද පොලීසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිදහස් කරගැනීම සඳහා ඛණිජ තෙල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සපුගස්කන්ද පොලීසියට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

යාල වනෝද්‍යානය මාසයක කාලයක් වසා දැමීමට අවධානය යොමුව ඇත. වනජිවි අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්.ජී රත්නායක මහතා කියා සිටියේ මේ දිනවල පවතින නියං සහිත කාලගුණය ඊට හේතුව බවයි.

අසාධාරණ ලෙස සිසුන් 28 කට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් සරසවි සිසුන් මේ වන විට විරෝධතා පා ගමනින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙමින් සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිළිවෙතේ හෝ 'මහින්ද චින්තනයේ' වෙනසක් කරනු ලැබ තිබේදැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කරති.

මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම දරුණු ඝණයේ අපරාධකාරයෙකු වූ වැල්ලම්පිටියේ ‘කුඩු මානි’ නැමැත්තා ඊයේ රාත‍්‍රියේදී සිංහපුර ප‍්‍රදේශයේදී කපා කොටා මරා දමා තිබේ.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us