2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගම්මාන 05 ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇත.

ඉන්දියාවෙන් වතුකරයට පැමිණ සිටින බව කියන ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දී තිබෙන වාර්තාව ගෙන්වා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී අද ( 04 වැනිදා) පැවසීය.

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනුකරණය කළ නොහැකි වන පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි නව මුද්‍රාවක් ජූනි මස පලමු වැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට ඊයේ (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය. ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.

-P.M

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ld add copy

Connet With Us