ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වන බව එම පක්ෂය විසින් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය .
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිතුමා සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර හමුවක් අද 06 පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.
ව්‍යපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව නිවේදනය කරයි
ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට ව්‍යවසායක ධම්මික පෙරේරා තීරණය කර ඇත. පෞද්ගලික කාරණයක් ඊට හේතුවී ඇතැයි ද පැවසේ.
අද ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉතිරිව සිටින්නේ විජේවීර පමණයි - ජනාධිපති |video|
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රූපවාහිනී වැඩසටහන් ශිල්පියාගේ දොස්තර බිරිඳ අත්අඩංගුවට
ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල සංගීත වැඩසටහන් ඇතුළු අනෙකුත් වැඩසටහන් මෙහෙය වන්නෙකු වන කාවිංග පෙරේරා ගේබිරිඳ යැයි පැවසෙන කාන්තාවක ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී , මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත ඊයේ (05) උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!
රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.