දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසීය.

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් දෙදෙනා අද (24) කඩුවෙල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩිතබා ඝාතනය කෙරුණේ පසුගිය 8 වනදාය.

එහිදී ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුවුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් එක් සැකකරුවකු වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරුවරයාට පළායාම සඳහා සහාය වූ අයෙකි.

වෙඩික්කරුවන් දෙදෙනා සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරුවරයා කොරතොට ප්‍රදේශයන් වෑන් රථයකට නංවාගෙන වැලිහිඳ ප්‍රදේශය දක්වා ගොස් එහිදී බස් රථයකට නංවාඇත්තේ ඔහු විසින් බවය පොලීසිය පැවසුවේය.  

පසුව වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවා තිබා ඇත්තේද ඔහු විසිනි.

වැලිහිඳ ප්‍රෙද්ශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සැකකරුවන් බස් රථයෙන්  දික්වැල්ල ප්‍රදේශය දක්වා කැටුව ගොස් බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සඟවා තැබූ රියදුරා අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවාය.

36 හැවිරිදි ඔහු  අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ඝාතනය මෙහෙය වූ ඩුබායී හී සැඟව සිටින ලොකු පැටී නැමැත්තාගේ ඥාතියෙකි.

ලොකු පැටී නැමැත්තා සැකකරු සමග අදාළ කාල සීමාව තුළදී වට්ස්ඇප් මඟින් සම්බන්ධවී ඇති අතර ඔහුට ඒ සඳහා ලොකු පැටී විසින් රුපියල් 120,000ක මුදලක් ලබාදී ඇතැයිද අනාවරණ වී තිබේ.

එමෙන්ම 26 හැවිරිදි වෑන් රථයේ රියදුරු මීගම ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳෙක්  වන අතර ලොකු පැටී විසින් ඔහුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ලොකු පැටී නම් අපරාධකරු විසින් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වියදම් කර ඇති අතර එවැනි මුදලක් වියදම් කර මෙම ඝාතනය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් පොලීසියට අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

- අද දෙරණ

තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පරස්පර විරෝධි මත දැක්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින්, මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ld add copy

Connet With Us