බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු කිරීමට හැකියාව පවතින බවත් උත්සව සමයේ බිත්තර නිෂ්පාදකයින් මිල අඩු කිරීමට පියවර නොගන්නේ නම් යළිත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවත් නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
ඖෂධ සැපයුම්කරුවන්ට හිඟ කෝටි 400ක් මේ මාසයේ ගෙවනවා - රමේෂ් පතිරණ
ඖෂධ සැපයුම්කරුවන්ට දින 90ට වැඩි ගෙවීම් රුපියල් බිලියන 4ක් (කෝටි 400) පමණ පවතින අතර එය මේ මස තුළ ගෙවා අවසන් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ්ප තිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.
එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනපති රනිල්ට සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානමින්
ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසීය.
දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර සඳහා ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය
දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජවිපෙ වියරුවෙන් ද? මාධ්‍යවේදින්ට කරන තර්ජනය ගැන විරෝධයක්
ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහ කේඩීකේ ලාල්කාන්ත ප්රමුඛව එහි නායකයන් විසින් මෑතකදී ඔවුන්ගේ දේශපාලනය විවේචනය කරන මාධ්‍යවේදීන් ගැන තමන්ගේ ආණ්ඩුවකදී බලා ගන්නවා යනුවෙන් කරන තර්ජනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විරෝධයක් ගොඩනැගෙමින් පවතී.
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය අවදානමක්
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.
පිරිවෙන් ආයතනවල ඉගෙනුම ලබන ගිහි පැවදි සිසුන් වෙත ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්රදානය අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන අද ප.ව 3.00 ට පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ගිහි පැවිදි සිසුන් 3000කට මෙම ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට නියමිතය.
දේශබන්දුට පොලිස්පති ධුරය තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.