සෑම වසරකම අලුත් අවුරුදු සමයේ නිවෙස් තුළ සිදුවන අනතුරු හා මාර්ගයේදී සිදුවන අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරුද වැඩි වශයෙන් අසන්නට හා දක්නට ලැබෙයි.

ශ්‍රී ලංකාවේ මෙරට පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ලෙසින් මෙන්ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් ලෙසින් සන්නාම ලත් ටෙල්ෂාන් රූපවාහිනී සේවය නොහොත් TNL හි බහුතර ගුවන් විදුලි සංඛ්‍යාත සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ජනමාධ්‍ය ජාලය වන සුප්‍රීම් මීඩියා (Supreme Media) විසින් හිමිකර ගෙන තිබෙන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව පවසා ඇත.

උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ.ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි.

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වසා දමා ඇති ජාතික කලාභවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

ld add copy

Connet With Us