සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විශේෂ දැනුම්දීමක් සිදු කරමින් පවසයි.

පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් වලදී කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට කොස්තාපල්වරුන් දක්වා කිසිවකුටත් මින් ඉදිරියට තම ගමේ පොලිසියට, බිරිඳගේ ගමේ පොලිසියට හෝ ගමට ආසන්නතම පොලිසියට සේවය කිරීම සඳහා ඉඩ නොදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

අද තද වැසි

Published in පුවත්
Tuesday, 26 March 2024 07:37

දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (26) මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය සේවකයින්ට වැඩි කළ රුපියල් 10,000ක දීමනාව සහිත අප්‍රේල් මස වැටුප ලබන 10 වැනි දා ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

 

ld add copy

Connet With Us