පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

උඩරට එළවළු මිල පෙරතිබු තත්ත්වය ට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතිබව වෙළඳ වෙළඳාම් පොල ආරංචි  මාර්ග පවසයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සිදු කරන ලද ඉල්ලීමක් මත අතරමග නවතා දැමු කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් නැවත පටන්ගැනීමට සහය දක්වන බව ඉන්දියානු අගමැති පවසා තිබේ.

සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ යාන්ත්‍රණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

සීතා ඇතින්නට කරඬුව වැඩමවීම සඳහා මෙවර සහභාගි වීමට හැකියාවක් නැති බව ඇතින්නගේ භාරකාර එස් එන් රොෂාන් පවසයි.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us