ජනපතිගෙන් කෝටි 50ක්

Published in පුවත්
Thursday, 14 March 2024 12:36

වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

අයි.එම්.එෆ්. ගිවිසුම හරියාකාරව නොතේරීම නිසා විපක්ෂයට කිසිසේත්ම රට ආණ්ඩු කරන්න බැරි බව මේ වන විට ඔප්පු වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා.

ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 90 ක් ලබා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් පෙරේදා (12 ) ඉල්ලීමක් කර ඇති අතර, එරටින් ලොකු ළුෑණූ ආනයනය කළහොත් කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට ලබාදීමට හැකියාව පවතින බවයි රජයේ ආරංචිමාර්ග පවසන්නේ.

දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවු අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබේ.

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us