අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වීමෙන් පසුව එම්‌. ඒ. සුමන්තිරන්‌ මන්ත්‍රීතුමා, අගමැති ධුරයට යෝජනා කළේ විපක්ෂ නායකවරයාව නමුත් ඔහු එය භාර නොගෙන පලා ගිය බව ජනාධිපතිවරයා පවසයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට දිගු පෝලිම් වල විදේශිකයින් රැඳී සිටිනු දක්නට ලැබේ.

රජයේ විශ්ව විද්‍යාල වලට නවක වාදය කියා ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට පැමිණීමට බයක් ඇති කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා සිටියි.

 

ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක,  දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කළේය. 

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්  අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. 

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. 

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණි.

පෙත්සම්කරු කියා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

- ada derana 

වැටුණු රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර සහයත්, පලපුරුද්ද හා අද්දැකීම් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා  පැවසීය.

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us