විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම
ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා
ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා
ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
මහතා පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරියට කළොත් ආර්ථික වර්ධනය වෙනවා - හර්ෂ ද සිල්වා
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) කොළඹදී අවධාරණය කළේය.
බ්‍රිතාන්‍යයේ විද්‍යුත් මාධ්‍ය මාර්ගෝපදේශන නීතිය මෙරටටත්
එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන සම්න්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක නීති පද්ධතිය නව 'විකාශන අධිකාරි පනත' මඟින් මෙරටට නීතියට ඇතුලත් කරන බව ජනාධිපති රනිල වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජංගම දුරකථන යෙදුමට World Summit Awards සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සම්මානයක් හිමිවී ඇත.
මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍යයි
මෙරට සන්නද්ධ හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ශක්තිමත්වී ඇති බවත් පසුගිය දශකය තුළ ඉන්දීය ආරක්‍ෂක නිෂ්පාදන අංශයේ දියුණුවට සමගාමීව ඉන්දියාවෙන් දෘඩාංග මිලදී ගැනීම දෙරට අතර සහයෝගීතාවයට නව මානයක් එක් කළ බවත් පසුගිය බදාදා (ජුනි 07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයා පැවසීය.
IMF ණය ලබාගැනීම වරදක් නෑ..ආවා නම් පක්ෂව ඡන්දය දෙනවා - මෛත්‍රීපාල
වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබාගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද(28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.