ලාංකිකයින් කොරියානු රැකියා සඳහා යොමුවීම 44%න් ඉහළට !
2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
2022 වසරේ මුල් මාස 9 තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවූ ශ්‍රි ලාංකිකයින් ගණන 3460 ක් වන අතර, එය මේ වසරේ මුල් මාස නවය හා සැසදීමේදී රැකියා සඳහා පිටත්ව යාම 44% න් වර්ධනය වී ඇති බවද, අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිල සංචාරයක් සඳහා ඊයේ(03) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, එම සංචාරය අතරතුරදී ශ්‍රි ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග කඩිනම් කෙරුණි.
මේ වන විට අනාරක්ෂිත යැයි හඳුනාගත් නිවාස සංකීර්ණ 08 ක් කඩිනමින් ප්‍රතිසංවර්ධනය කිරීමට තීරණය කෙරේ. රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස එම නිවාස සංකීර්ණ ප්‍රතිසංවර්ධනය කරන බවයි කළමණාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා පැවසුවේ.
ලෝක ජනාවාස සතියේ මහල් නිවාස සංකීර්ණ නිවාසලාභීන් දැනුවත් කීරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩමුළු මාලාවේ බොරුල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයේ දී පැවති සමාරම්භක වැඩමුළුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
වසර 20 ක් පැරණි බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණය කොළඹ නගරයේ ඉදිකෙරුණු පළමු මහල් නිවාස සංකීර්ණය වේ.
2003 අංක 24 දරණ සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරි පණතේ 10 වැනි වගන්තියෙන් නිවාස අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අනාරක්ෂිත බව තහවුරු වන නිවාස සංකීර්ණ අත්පත් කර ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා විකල්ප ස්ථාන ලබාදී මෙතෙක් ඉවත් වී නොමැති පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කළේය.
සහාධිපත්‍ය කළමණාකරණ පණත සම්මත වී ඇත්තේ මීට වසර 50 කට පෙරයි. එම පණත යාවත්කාලීන කිරීම සඳහා ද මේ වන විට කටයුතු කරමින් සිටින බව සභාපතිවරයා කියා සිටියේ ය.
වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බවය.
පැවති විදේශ විනිමය හිඟතාවය සහ අත්‍යාවශ සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය නිසා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව සහ ස්ථිර ලෙස තහනමකට ලක්කිරීම සිදු විය.
ඒහි ප්‍රතිපලයක් ලෙස විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වීම නිසා ආර්ථික ක්රියාකරකම්වලට හානි ඇති විය. එම අර්බුධයන් මුල් කොට ගෙන රජය විසින් එළඹෙන සතියේ ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු සැලසුම් කරගෙන තිබේ.
පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ නව ව්‍යාපෘති අරඹන ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්යක්ෂවරයා හමුවු අවස්ථාවේදීය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්රවලට අදාළව නව ව්‍යාපෘති ඇරඹීම සඳහා ආයෝජනය කරන ලෙස ද, විශේෂයෙන් මෙරට දුම්රිය සේවය සම්බන්ධයෙන් වු නව ව්‍යාපෘති කෙරෙහි අවධානයක් යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇති බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණදුන් පෙර නොවූ විරූ අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහාත්, කෘෂිකර්මාන්ත ඇතුළු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහාය අග්‍රාමාත්‍යවරයා අගය කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද ආරම්භ වේ.
හිරු මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝද සිල්වාගේ අලුත්ම නිවසේ ඡායාරුප කිහිපයක් අප වෙත ලැබී තිබේ. නාරහේන්පිට කිරුල පාරේ පිහිටා ඇති මෙම නිවස ග්‍රීක රෝම යුගයන්වල වාස්තුවිද්‍යා හැඩ තල යොදා ගෙන එම යුගවල රාජ මාලිගාවක ස්වරූපයෙන් නිවස අභ්‍යන්තර ඉදිකිරීම් කර ඇත.
වනාන්තර ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ වනාන්තර ගිනි තැබීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වෙනි සංවත්සරය 2023 සැප්තැම්බර් 03 වන දින සවස 2.00 ට නව රෝහල පාර, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ( Monarch Imperial ) හෝටලයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.