පොත් ප්‍රකාශනය සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණුඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා ප්‍රකාශ කර සිටිනවා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

සහල් සහ පොල් නොමැතිවීමෙන් සතොස අලෙවි සැල් වෙත පැමිණෙන බොහෝ පාරිභෝගිකයන්ට හිස් අතින් ආපසු යෑමට සිදුවී තිබේ.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි..

ld add copy

Latest News

ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නවා - ජල සම්පාදන මණ්ඩලය

ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නවා - ජල සම්පාදන මණ්ඩලය

සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්...

Connet With Us