පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් මධ්‍යම හා ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

"ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ජා ඇල, උතුරු වැලිගම්පිටිය ප්‍රදේශයේ ඉදිකළ නව නිවස විවෘත කිරීම අද සිදු කෙරුණා.

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන්හි පාසල්වල ප්‍රාථමික පන්ති අධ්‍යයන කටයුතු ජනවාරි 11 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඇතැම් ජන කොටස්වල සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කිරීමට තමන් ඇතුලු සමගි ජන බලවේගය සහමුලින්ම විරුද්ධ බවත්,ජාතිවාදය අන්තවාදය තමන් සම්පූර්ණයෙන්ම පිටුදකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

පවතින වසංගත තත්වය හේතුවෙන් බස්රථ පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 400ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය ඇතුළු සොලොස්මස්ථාන පූජා භූමියක් බවට පත්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ. පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති, අස්ගිරිය පාර්ශවයේ අනු නායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් වෙත ඊට අදාළ සන්නස් පත්‍රය ඊයේ (20) ප්‍රදානය කෙරුණා.

පාඨලි චම්පික රණවක දැන්ම තියා 2024 ජනධිපතිවරණයට සූදානම් වීම වෙනුවෙන් එකතුකරමින් යන මතවාදය සිංහල ජාතිකවාදය මත පදනම් වූ ලිබරල් අච්චාරුවක් බවත් තවත් තැනෙක ඔහු ගෝත්‍රිකත්වයෙන් නොමිදුනු පැසිස්ට්වාදී ආකල්ප සහිත තැනක සිටගෙන සිටින බවටත් විවේචන ඉදිරිපත් වෙමින් තිබේ.

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Connet With Us