ඉන්දියාවෙන් ගෙන්වන ලද කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා ඇතිවන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (01 වැනිදා) මෝසමක් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේනවා.

 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73 වන නිදහස් උලෙළ සැමරීම සදහා සියලු කටයුතු සුදානම් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙදී තහවුරු වී තිබේනවා.

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කල මොහොමඩ් ෆසාල් නිසාර් නමැති සැකකරු විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක් තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අද දින අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය (එස්එල්පීඒ) විසින් ක්‍රියාත්මක කරන බවට සහතික වී තිබේ.

“අපි ඉන්නේ තාම අඳුරේ අතපත ගාමින් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ මේ වර්තමාන සාකච්ඡාවන් පිළිබඳව, මේ රටේ දීර්ඝ කාලයක් මන්ත්‍රීකම් ඇමතිකම් දරාපු මට හරි කනගාටුවක් හිතෙනවා

ld add copy

Connet With Us