4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදයට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් දොඩම්ගොඩ
කොන්රාඩ් ඇඩනෝආර් පදනම සහ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන 4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදය (4th Asia- Europe Counter- Terrorism Dialogue 2019) සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිනේෂ් දොඩම්ගොඩ මහතා ආරාධනා ලැබ සිටියි.
නෙළුම් කුළුනේ විවෘත්තයට මෛත්‍රී, රනිල්, මහින්ද තිදෙනාම
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන හෙට (16) දින විවෘත්ත කිරීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති, අගමැති සහ විපක්ෂනායක තිදෙනාම සහභාගී වීමට නියමිතය මීටර් 350 ක් උසැති මෙම කුළුන ගොඩ නැගීමෙ කටයුතු පසුගිය රාජපක්ෂ සමයේදී චීන ණය ආධාර මත ආරම්භ කෙරිණි. මේ සඳහා අමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් වැය වී තිබේ.
විධායකය අහෝසි කිරීමේ ටොපිය රැගෙන එන ' ජාතික අපේක්ෂකයා' කරූ
අද දින එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය නම් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව එජාපයේ තොරතුරු මාර්ග සඳහන් කරයි.. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම එකම සටන් පාඨය කර ගනිමින් ජයසූරිය මහතා එම කර්තව්‍යය වෙනුවෙන් 'ජාතික අපේක්ෂකයා' නමින් පොදු අපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙනු ඇතැයි පැවැසේ.
එජාප ජනාධිපති අපේක්ෂකයා ඒකමතික තීන්දුවකින් ! පොහොට්ටු නන්දේ ෂුවර් නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ශ්ව තුනක්, සජිත් ප්‍රේමදාස - රනිල් වික්‍රමසිංහ හා කරූ ජයසූරිය වෙනුවෙන් පෙනී සිටීම මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ නොවිසඳුනු ගැටලුවක්ව තිබුණද එළඹෙන සතිය තුල එජාපයේ ඒකමතික තීරණයක් ලෙස අපේක්ෂකයා නම් කිරීම සිදු වෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ලිමිනිට ලිමිටඩ් නැතිව වාසනාව ගෙනෙන නාමල්ගේ ධන නිධානයෙන් බිඳක්
මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹ තිබේ. ඒ වෙනුවෙන් අපේ සුභපැතුම්ද මෙසේ එකතු කර සිටිමු. නාමල් රාජපක්ෂ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු යැපෙන්නෙ ඉන් ලද ආදායමෙනි. කොහොම නමුත් මන්ත්‍රීවරයකු වූ ඔහු 2010 සිට හම්බ කරගත් යමක් සිය පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගැනීම වෙනුවෙන් ඉතිරි කරගෙන ද ඇති බැව් කල්පනා කළ හැකිය. යහපත් ස්වාමිපුරුෂයකු ලෙස පවුලේ දියුණුව තකා අරපිරිමැස්මෙන් සකසුරුවමින් වැඩ කරන එක අපේ ශ්‍රීලාංකීය සංස්කෘතිය අනුව ඉහළින්ම වර්ණනාවට භාජනය වන්නකි.
රූපවාහිනිය පවරා ගැනීමට එරෙහිව එජාපයෙන් නීතිමය පියවර
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ වන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමැති රාජිත සේනාරත්න පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස කරූ ජයසුරියගේ සහ සජිත් ප්‍රේමදාසගේ ඉදිරිපත් වීම් දෙකම පිළිගෙන ඇති අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට ඒ වෙනුවෙන් සපුරා ලිය යුතු කොන්දෙසි වෙන වෙනම පනවා ඇත.
නීතිපති වැඩ පෙන්වයි.. ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගෝඨා නිදහස්..!
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.