ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් නැවත මගී ප්‍රවාහනයට
අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිනමා ශාලා හිමියන්ට ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සහන කාලසීමාවක් ලබාදිමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තා වේ.
බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රජය කැපවී කටයුතු කරයි ! බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි
පවත්නා පහසුකම් තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටත්, මරණ අනුපාතය අවම මට්ටමක පවත්වා ගනිමින් රෝගීන් සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ඉදිවූ බේරේවැව එළිමහන් අවන්හල ජනතා අයිතියට පත් කෙරුණා.
රුපියල් මිලියන 60 ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය ක් රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය පදිකයන්ගේ සනීපාරක්‍ෂාව, භෝජන පහසුකම්, විවේක පහසුකම් ඇතුලු පහසුකම් රැසකින් සමන්විතයි.
පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් තිබේන අතර එලෙස පළාගිය රැඳවියන්ගේ තොරතුරු මේ වන විට පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
පිටරට පාර්සල් ගැන DIG අජිත් රෝහණ ගෙන් අනතුරු ඇගවීමක් !
ත්‍යාග මුදලක් හෝ ත්‍යාගයක් හිමි වන බව පවසමින් අනතර්ජාලය ඔස්සේ අද (31)දිනයේ ලැබෙන පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙනවා.