සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර කොටදෙණියාව නාවාන සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ (4 දා) සවස පොලිසියට සිරුර හමුවී ඇත.

2020 සිව්වන කාර්තුවේ ප‍්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආර්ථිකය 2020 වසර තුළදී සියයට 3.9 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

ඉදිරි දෙසතිය ඇතුළත විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පවතින වසංගතය හේතුවෙන් අද (5) දිනයේ සිට මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

කෝප් කමිටුව මේ වසරේ ජනවාරි මාසය තුළය රාජ්‍ය ආතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් පවසනවා.

මෙම වසර තුළදී අදියර තුනක ව්‍යාපෘතියක් වශයෙන් පාසල් ළමුන් 800,000 කට පමණ නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ය ජශංකර් දින 3ක සංචාරයක් සඳහා හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතයි.

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද (04 ) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී විවෘත විය.

ld add copy

Connet With Us