ශ්‍රී ලංකා ටෙලිකොම් හී රේන්බෝ පේජස් බාර ප්‍රධාන නිලධාරියකු 2016/17 රේන්බෝ පේජස් දුරකථන නාමාවලිය සඳහා වෙළෙඳ දැන්වීම් ලබාදීමේ දී මහා පරිමාණ මූල්‍ය දූෂණයක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආරංචිමාර්ග සඳහන් කරයි.
මුදල් ඇමැතිකම ගැන තීරණය අද රාත්‍රියේ - රවීව අයින් කරන්න ශ්‍රිලනිප එජාප මන්ත්‍රීන්ගෙන් දැඩි බලපෑම්
අද (24) රාත්‍රියේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායකගේ මුදල් අමාත්‍යධුරය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලනීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වසර තුල පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හෝ උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ද ලබන වසර දක්වා කල් දැමීමට ආණ්ඩුව මේවන විට සැලසුම් කර තිබෙන බව දැන ගැනීමට තිබේ.
කොළඹ බෙරේ වැව ආශ්‍රිතව අක්කර 152 ක් පුරා සිදු කෙරෙන මිශ්‍ර සංවර්‍ධන් ව්‍යපෘතිය වෙනුවෙන් ඒ ආශ්‍රිතව අනවසරයෙන් ජීවත්වන පවුල් 800 ක් හා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමානයක් ඉවත් කිරීමට තීරණය කර ඇත. කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතියට යටත්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. ශ්‍රීලංකන් අයි (Sri Lankan Eye) නමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර එය ලංඩනයේ තෙම්ස් නදිය ආශ්‍රිත ලංඩන් අයි නගර ව්‍යාපෘතියට සමානව සිදු කෙරේ. මේ සඳහා සිංගපූරුවේ නගර සංවර්ධන විශේෂඥයන්ගේ සහයද ලබා ගෙන ඇති බව වර්තා වේ.
ශ්‍රිලංකන් එයාර් ඩොලර් මිලියන 10 අක්රමිකතාවයට රත්වත්තෙලා වගකිව යුතුයි
වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇතැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න මුල්‍ය අක්‍රමතාවේ වගකීම අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන සුරේන් රත්වත්තේ වගකිවයුතු බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සදහන් කරයි.
රවීව අයින් කරන්න, එජාප ඇමැතීන්ගෙන් ජනපතිට යෝජනාවක්
යහපාලන ආණ්ඩුවට එරෙහිව නැගී ඇති දුෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතල ලෙස මුල්‍ය සහ රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින මුදල් ඇමැති රවී කරුණානායක මහතාව අදාළ අමාත්‍යධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.
විදුලි බල අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ විසින් ගල් අඟුරු මගඩිය ගැන රටම නොමඟ යැවීමට ලිපි ලේඛන සැකසුවාක් මෙන් ලංකා ගල් අඟුරු සමාගම විසුරුවා හැරීම සඳහා විගනකාධිපතිවරයාගේ වාර්තාව විකෘති කරමින් ඉදිරිපත් කරන ලද ඊනියා නිර්දේශ පදනම් කරගෙන ඇමැති සියඹලාපිටිය විසින් යළිත් වතාවක් ජනාධිපතිවරයා ඇතුලු සමස්ත රටම නොමඟ යවා ඇති බව ලංකා කෝල් සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා බටගොඩ මහතා වෙත යවනු ලැබු ලිපියකින් අනාවරණය වේ.
බිලියන 4 ක ගල්අඟුරු මගඩිය යටගහන්න ලංකා ගල්අඟුරු සමාගම විසුරුවා හරී.
ස්විස් සිංගප්පූරු සමාගමට ලබා දුන් ගල්අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියන 4 කට වඩා වැඩි පාඩුවක් ශ්‍රිලංකා රජයට සිදුව තිබෙන බව විගණකාධිපතිවරයා විසින්ද තහවුරු කර තිබෙන වට පිටාවක එම පාඩුව ලංකා ගල්අඟුරු සමාගම මත පටවා අතපිහ ගැනීමට විදුලි බල හා පුනර්ජනණීය ඈමතිවරයා ඇතුලු එම දූෂිතයන් පිරිස කටයුතු කර තිබේ.