ආනයනික ලොකු ලූනු හා අර්තාපල් වල බදු ඊයේ(24) මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළදමා තිබේ.
මහින්ද,බැසිල්,ගෝඨා,නාමල් ශ්‍රිලනීපයෙන් ඉවතට, චමල් වෙනුවෙන් ශෂීන්ද්‍ර එයි
දූෂිත රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැසකට එළෙඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට හා බැසිල් හා ගෝඨභය සොහොයුරන්ටද මෙලෙස ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ අතර කතානායක චමල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් පසුවේ. ඒ වෙනුවෙන් ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇති බවත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමිකින් පසුවන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
දෙකට ඉරපු ජාතික කොඩියෙන් විලිවහ ගැනීම ගැන ඩලස් සමාව ඉල්ලයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයේ දී සුළු ජාතිකයන් නිරූපණය වන තීරු දෙක සහිත කොටස ඉවත් කළ සිංහ ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) උදෑසන පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කෙළේය.
බැසිල්ට ඇප ගන්න රජයේ සභාපතිවරයෙක් විනිසුරෙකුට අල්ලස් දීමේ සූදානමක
මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරයකුට අල්ලසක් ලබා දීම සඳා මේවන විටත් රාජ්‍ය අධිකාරියක සභාපතිත්වය උසුලන නිළධාරියකු දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.
රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතියෙක් අද හෙටම අත්අඩංගුවට
ජාතිවාදය අවුස්සන ගෝඨාභය අදක්ෂ දේශපාලකයෙක් - ඩිලාන් පෙරේරා (Audio)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යනු දක්ෂ ලේකම්වරයෙක් වුවත් ඔහු ඉතා අදක්ෂ දේශපාලකයෙක් බව ඩිලාන් පෙරේරා මහතා අද මාධ්‍ය හමුවකදී පැවසුවේය.
2004 සුනාමි අරමුදල්වලින් කෝටි 8200 ක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක අද (24) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් බැලීම සඳහා ගොස් තිබේ.