නිශාන්තගේ තටු කපන යෝජනාවට ක්‍රිකට්‌ සභාවම 'හා' කියයි

Published in ක්‍රීඩා
Wednesday, 03 September 2014 09:26

දිනෙන් දිනම පරිහානිය කරා ඇදී යන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය එම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා වත්මන් ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස මහතා විශේෂ වැඩසටහනක්‌ දියත් කර තිබෙන අතර ඒ පිළිබඳව වූ ප්‍රධාන කරුණු 3 ක්‌ සහිත පත්‍රිකාවක්‌ විධායක කමිටු රැස්‌වීම සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තුළ පැණ නැගුණු අර්බුදකාරී තත්ත්වයන්ට ප්‍රධාන වී තිබෙන කරුණු 3 ක්‌ මුල් කරගනිමින් මෙම පත්‍රිකාව පෙරේදා (01 දා) රැස්‌වුණු විධායක කමිටු රැස්‌වීම සඳහා ඉදිරිපත් කර තිබෙන අතර එහිදී එම පත්‍රිකාවට විධායක සභා සාමාජිකයන් ඒකමතිකවම අනුමැතිය ලබාදී තිබීම විශේෂත්වයක්‌ වේ.

එම පත්‍රිකාවට අනුව පළමු කරුණ හෙවත් ප්‍රධානතම කරුණ ලෙස, ක්‍රිකට්‌ ආයතනය තුළ සිදුවන සියලුම තීරණ සහ තීන්දු පිටස්‌තර පුද්ගලයන්ගේ කීමට හෝ ඔවුනට යටත් නොවී ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින්ම ලබාගත යුතු වන බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාවට අනුව ක්‍රිකට්‌ ආයතනයේ සියලුම තීරණ තීන්දු ගැනීමේ අයිතිය ප්‍රධාන විධායක නිලධාරීවරයාට අයිති රාජකාරියක්‌ වුවත්, පසුගිය කාලය මුලුල්ලේම මෙහි තීරණ තීන්දු ගනු ලැබුවේ ලේකම්වරයා විසින් බව ක්‍ෂේත්‍රයේ නොරහසකි.

වර්තාමනයේ පවතින ව්‍යවස්‌ථාවට අනුරූපව ඉදිරිපත් කර ඇති එම යෝජනාවට අනුව, සම්පූර්ණ බලතල ප්‍රධාන විධායක නිලධාරියාට ලබාදීමත්, විධායක සභාව විසින් ලබාදෙන උපදේශන මාලාවන්ට යටත්ව පරිපාලන කටයුතු කරගෙන යැමත් මෙහිදී ප්‍රධාන විධායක නිලධාරියාගේ වගකීම වනු ඇත. ඒ යටතට අදාළ කමිටුවල සාමාජිකයකු වනු හැරෙන්නට ඒවායෙහි ලේකම් තනතුර දැරිය යුතු නම් ඒ සියල්ලෙහිම කටයුතු කිරීම ප්‍රධාන විධායකවරයාගේ රාජකාරි යටතට පැවරෙනු ඇත.

ඊට අමතරව, ප්‍රතිවාදී රටවල් සමග සාකච්ඡා කරමින් ක්‍රිකට්‌ තරගාවලි ලබා ගැනීම, ක්‍රිකට්‌ ආයතනය තුළ පැන නගින විනය පිළිබඳ වගකීම යන කරුණු ප්‍රධානව තවත් අනු කරුණු 5 ක්‌ යටතේ තීරණ සහ තීන්දු ගැනීමේ අයිතිය ප්‍රධාන විධායක නිලධාරීවරයාට හිමිවනු ඇත.

එමෙන්ම ක්‍රිකට්‌ ආයතනය විසින් ඇතැම් කමිටු පත් කිරීමේදී ව්‍යවස්‌ථාවට අනුව එම කමිටු පත්කර නොමැති බවත්, එ අනුව එම කමිටු යළිත් ව්‍යවස්‌ථාවට අනුකූලව පත් කිරීමද ප්‍රධාන විධායක නිලධාරීවරයාට පැවරෙන තවත් රාජකාරියක්‌ වනු ඇතැයි මෙම පත්‍රිකාවේ සඳහන් වේ.

ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාවට අනුව ක්‍රිකට්‌ ආයතනයේ වැටුප් ලබන සේවකයන්ගේ පාලනය කිරීමේ පූර්ණ බලතල හිමිවන්නේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට වන බැවින් එම වැටුප් ලබන සාමාජිකයකු හෝ සාමාජිකාවක ක්‍රිකට්‌ ආයතනයේ සාමාජික ආයතනයක නිලයක්‌ දැරිය නොහැකි වන බවද සඳහන් කර තිබේ.

ක්‍රිකට්‌ ආයතනයෙන් වේතන ගනු ලබන පුහුණුකරුවන්, ඔවුන්ගේ නම්වලින් පෞද්ගලික ක්‍රිකට්‌ පුහුණු විද්‍යායතනය පවත්වාගෙන යැම සහ ස්‌ථීර හෝ කොන්ත්‍රාත් සේවයේ නියුතු සාමාජිකයන් ක්‍රීඩා සමාජවල විවිධ තනතුර දැරීම පිළිබඳව චෝදනා රැසක්‌ විධායක කමිටුවට ලැබී තිබෙන අතර එම තත්ත්වයන් ක්‍රිකට්‌ ආයතනයේ ආචාර ධර්මවලට පටහැනි බවත් වැටහී යැම මත මේ පිළිබඳව කටයුතු කිරීමටද ප්‍රධාන විධායක නිලධාරීවරයාට පවරා තිබේ.

ඒ අනුව චක්‍රලේඛයක්‌ හරහා එම පුද්ගලයන්ව දැනුවත් කරමින් එවැනි ආකාරයේ කටයුතුවල තවදුරටත් නියෑළෙන නොවන බවට සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක්‌ එම පිරිස විසින් ලබාදිය යුතු වන බවටද මෙහිදී ප්‍රදාන විධායක වරයාව දැනුවත් කර තිබේ.

''ඇත්තටම අපි මුලින් හිතුවා මේක එතරම් වැදගැම්මකට නැති දෙයක්‌ වෙයි කියලා කියලා. කරුණු හොයලා බලනකොට මේක හොඳ යෝජනාවක්‌. මේක හරියට ක්‍රියාත්මක වුනොත් මේකේ ආචාර ධර්මපද්ධතියට හානියක්‌ වෙන එක නවතියි'' යනුවෙන් මේ පිළිබඳව අදහස්  දැක්‌වූ විධායක කමිටු බලධාරියෙක්‌ සඳහන් කර සිටියේය.


(දිවයින- චමිල කරවිට)

Last modified on Wednesday, 03 September 2014 09:34

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us