සංගක්කාර හරි, කළ විදිය වැරදියි - අර්ජුන

Published in ක්‍රීඩා
Tuesday, 21 October 2014 09:20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හදිසි ඉන්දීය සංචාරයක් සූදානම් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා නොව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සතුටු කිරීමේ ක්‍රියාදාමයක් පමණක් බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පවසයි.

විශේෂයෙන්ම එළැඹෙන ලෝක කුසලානය ඉලක්ක කරගත් සැලසුම් ප්‍රකාර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවෙමින් සිටින අතරවාරයේ මෙවැනි සංචාරයකට එකඟවීම මගින් ඒ සියලු සැලසුම් අඩාල වන බව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

ක්‍රීඩකයන්ගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් මත බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සිය ඉන්දීය සංචාරය අතරමඟ නතර කිරීමෙන් අනතුරුව එක් දින තරඟ පහකින් සමන්විත ඉන්දීය සංචාරයකට එකඟ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ නිවේදනය කළේය.

එහෙත් එංගලන්ත කණ්ඩායම සමඟ එක්දින තරඟ හතක් සහ නවසීලන්ත සමඟත් එක්දින තරඟ ගණනාවක් තරඟ වැදීමට නියමිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙය ඉතා වෙහෙසකාරී සංචාරයක් වනු ඇති බව අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාගේ අදහසයි.


'පස්සේ දොරෙන්'


"ලෝක කුසලානයට යනකොට මහන්සි තත්වයක් එක්ක ගියොත් අපිට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්," යනුවෙන්ද ඔහු සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළේය.


'මම හිතන්නේ ඔහු ප්‍රශ්න කරලා නෑ. පස්සේ දොරේ ඉඳල හැංගිලා වැඩ කිරීම මම එතරම් අනුමත කරන්නේ නෑ'

විශේෂයෙන්ම මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනා ආබාධයකට ගොදුරූ නොකොට ලෝක කුසලානයට රැගෙන යාමේ වගකීම බලධාරීන් සතු බව, ඔහු පවසයි.

බලධාරීන්ගේ හදිසි තීරණය විවේචනයට ලක් කරමින් කුමාර් සංගක්කාර යවා තිබෙන ට්විටර් පණිවුඩය පිළිබඳව විමසූ විට රණතුංග මන්ත්‍රීවරයා කියා සිටියේ, එම විවේචනය සමඟ තමා එකඟ වන නමුත් සංගක්කාර එය කළ ආකාරය තමන්ට අනුමත කළ නොහැකි බවයි.

"මම හිතන්නේ ඔහු ප්‍රශ්න කරලා නෑ. අන්න එතනයි මට ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. අර පස්සේ දොරේ ඉඳල හැංගිලා වැඩ කිරීම මම එතරම් අනුමත කරන්නේ නෑ," යනුවෙන් කියා සිටි අර්ජුන රණතුංග, සංගක්කාර කළ යුතුව තිබුණේ කණ්ඩායමේ නායකයා සහ ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ සාකච්ඡා කොට ප්‍රශ්නය බලධාරීන් හමුවට ගෙන යාම බවයි.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට එකඟවීම, 1996 ලෝක කුසලානය අවස්ථාවේ ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට එකඟවීම හා සංසන්දනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කොට ඇති නිවේදනය පිළිබඳව අදහස් පළකරමින් ඔහු කියා සිටියේ, මෙම සංචාර දෙක සංසන්දනය කිරීම 'සම්පූර්ණ වැරදි' බවයි.

"එතකොට ක්‍රිකට් ආයතනය පාකිස්තානු ක්‍රිකට් ආයතනයට උදවුවක් පහුගිය කාලේ කරලා තියෙනවද?" යනුවෙන් අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මේ පිළිබඳව ක්‍රිකට් බලධාරීන්ගේ මතය විමසීම පිණිස ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නිශාන්ත රණතුග සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය නියෝජ්‍ය ඇමතිවරයා ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us