Mitsubishi සමාගම පෙර වැරදි වෙනුවෙන් සමාව අයදියි

Published in අනං මනං
Monday, 20 July 2015 17:24

ජපානයේ Mitsubishi  සමාගම පසුගියදා විශේෂ ආකාරයේ සමාව ගැනීමක් සිදුකරනු ලැබුවා. මේ සමාව ගැනීම සිදු කරනු ලැබුවේ දෙවන ලෝක  යුද්ධය අතරතුර ඇමරිකානු යුධ සිරකරුවන් බලෙන් සේවය සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙනුයි.

ලොස් ඇන්ජලීස් නුවර  පැවති උත්සවයකදී අදහස් දැක්වූ Mitsubishi ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී Hikaru Kimura පැවසුවේ තම ආයතනය මගින පාලනය කරනු ලැබූ පතල්වල යුධ සිරකරුවන් බලහත්කාරයෙන් සේවය කිරීමට යෙදවීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන  බවයි.

නමුත් ඒ සමාව පිළිගැනීමට අද ඉතුරුව සිටින්නේ පැරණි සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු පමණයි. දැනට ජීවත්ව සිටින එකල ජපානයේ සිරකරුවෙකු ලෙස සේවය කළ James Murphy ප්‍රකාශ කරනු ලැබුවේ මෙම සමාව ගැනීම අවංක සහ මිත්‍රශීලි වුවත් එය මීට වසර 70ට පෙර සිදුවුවේ නම් ඉතා හොඳ බවයි.

මේ කාලය තුල Mitsubishi සමාගම මිනිරන් පතල් හතරක් පමණ පවත්වාගෙන ගොස් තිබෙනවා.  එම පතල්වල ඇමරිකානු සිරකරුවන් 500ක් පමණ සහ චීන, පිලිපීන, කොරියානු සිරකරුවන් දහස් ගණනක් සේවයේ යොදවා සිට තිබෙනවා.

තමන්ගේ අත්දැකීම් විස්තර කරන James Murphy පවසන්නේ එය බියජනක අත්දැකීමක් බවයි. ඒවගේම එය සම්පුර්ණ වහල් සේවයක් වූ බව ඔහු පවසයි.

James Murphy පවසන පරිදි වඩාත් ඛේදජනකම සිදුවීම වන්නේ ඇමරිකාවට එරෙහිව සටන් කිරීම සඳහා ගුවන් යානා නිෂ්පාදනයට ඔවුන්ව යොදාගැනීමයි.

එසේම මෙම සිරකරුවන් රඳවා සිටි කඳවුරුවල පැවති අහිතකර තත්ත්වය හේතුවෙන් පසු කාලයේ විවිධ රෝගාබාධ රැසකට ගොදුරුව තිබෙනවා.

 Mitsubishi සමාගමේ මෙම හදිසි සමාවගැනීමට හේතුව හෙළිව නැතත් මීට පස් වසරකට පෙර ජපාන රජයද  ඇමරිකානු යුධ සිරකරුවන්ගෙන් නිල වශයෙන් සමාව අයැද තිබුණි.

japan2

japan3

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

Connet With Us