නවතම පුවත්

රාජ්‍ය ප්‍රතිපත්තියට අකුල් හෙළන ලංකා බැංකුවේ නිලධාරීන් ගැන විමර්ශන ආරම්භ වෙයි
ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වී තිබු අතර මේ වන විට එම විමර්ශන ආරම්භ වී ඇති...

ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යන්න නිෂ්පාදකයින් එකඟ වෙයි
දේශීයව නිෂ්පාදනය වන ලුණු මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට අලෙවි විය හැකි බවත් එතෙක් තවදුරටත් මිල ඉහල යාමකින් තොරව මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට ලුණු නිෂ්පාදකයන් එකඟතාව පල කරණ බව පාරිභෝගික කටයුතු පිළිබද...

පළාත් පාලන මැතිවරණ නාමයෝජනා දින ප්‍රකාශ කරයි
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කරන්නේ නැහැ - ඛනිජ තෙල් සංගමය
ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පෑලියගොඩ මාළු මාර්කට් එකේ කැට අයිස් ජාවාරමක් හේතුවෙන් මාළු මිළ ඉහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ සිදුවන කැට අයිස් බෙදාහැරීමේ ජාවාරමක් හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමක්
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය පොලිසියට ඊයේ (27 වැනිදා) පස්වරුවේ අවසර දුන්නේය.

අද වැසි දිනයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික වියළි කාලගුණයෙන් ප්‍රධාන ජලාශ වල ජල මට්ටම පහතට
මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බැසයාම හේතුවෙන්,දෛනික විදුලි උත්පාදනයේදී සූර්ය පැනල සහ තාප විදුලි බලාගාරවලට මූලිකත්වය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා තිබේ.

සියලු හෙද නිලධාරීන් අද විරෝධතා ක්‍රියාමාර්ගවල
මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෝටි 5ක කුණු ඉස්සන් වෙළෙඳපොළට අලෙවි කිරීමේ උත්සහයක්
වරායෙන් නිදහස් කර නොගත් සත්ත්ව ආහාර ලෙස විකිණීමට තිබූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙන යන මුවාවෙන් වරායෙන් නිදහස් කරගෙන විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමේ උත්සහයක් පවතින බවත්...

ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ගණේමුල්ල සංජීවගේ ඝාතනයට තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂාංග

ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ වසුරු වැඩ ගැන විශේෂ විමර්ශනයක්
ලංකා බැංකුවේ ඉහළ කලමණාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිළි ගනනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

හොරා පොලිස් සෙල්ලමෙන් ආණ්ඩුව පරාදයි
නිදහසෙන් පස්සේ මේ රට පාලනය කළේ හොරුන්ය. අවුරුදු 76 ක් තිස්සේ මේ හොරු ටික රට කෑවා.

කරාබු නැටි හැපුවොත් වෙන විශ්මිත ගුණ කන්ද
සෑම දිනකම කරාබුනැටි 2 ක් හපුවොත් ජීවිතයට වෙන දේවල් මෙන්න

උළු හාල් අහුරේ ගුණ කඳ
කිරි හොද්දකට, කිරි මාළුවකට උළුහාල් තේ හැඳි භාගයක් විතර එකතු කලාම එන රසය අපි හැමෝම හොඳට දන්නවා.