දැන් මේ රටේ මාතෘකාව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගැනවත් ,ආණ්ඩුව ගැනවත් නොවෙයි.. ඇවන්ට්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිස්සංක සේනාධිපති ගැනයි..

මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේදී අවස්ථාවාදය තරම් වෙනත් කිසිදු උපක්‍රමයක් පාවිච්චියට යොදාගෙන නැත. ඒකත් අන්තිම පහත් තත්වයෙන් පාවිච්චියට ගෙන තිබේ. නමුත් මේ අවස්ථාවාදී උපක්‍රම පාවිච්චි කළ වුන්ගේ ජයග්‍රහණයන් වැඩි කල් පවතින්නේ නැත. ඒ බොරුව රැවැටිල්ල ඉතා ඉක්මනින් හෙළිදරව් වේ.

පර්ලිමන්ට්ස් ජෝක්ස් වල අංක එකේ හිටි සජබ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ ප්‍රථම වතාවට සියලු පක්ෂ ආමන්ත්‍රණය කරමින් හරවත් ඉතිහාසගත කතාවක් කරනවා..

මධ්‍යම පාංතික මහජන නැඟීටීමේ තීරණාත්මක දිනය විය යුතුව තිබුණේ ඊයේ (05) දිනයයි. එනම් දෙකෙන් එකක් බේරාගැනීමට තිබූ දිනයයි. එහෙත් දෙකෙන් එකක්වත් බේරාගැනීමට මේ නැගිට්ට මිනිසුන්ට හැකි වූයේ නැත. සූක්ෂම ලෙස මේ මහජන නැගිටීම දියාරු කර දැමීමට ආණ්ඩුවට හැකිවූ අතර පාර්ලිමේන්තු විපක්ෂයද ඊට ඉහළ සහයෝගයක් ලබා දී තිබිණි.

පවතින අර්බුදය සමථයකට පත්කරගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 2ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විය.

ගෝඨාභය ගෙදර යා යුතුයැයි කියා අද දිනයටත් රට පුරා ජනතාව විරෝධය දක්වමින් සිටි. දේශපාලන හෝ ආර්ථික වුවමණාවන් වෙනුවෙන් පාරට බැසීමට පුරවැසි ජනතාවට අයිතියක් ඇත.

දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දැන් අවශ්‍යයි. මේ දේ සිදුනොකර හවුල් ආණ්ඩු ප්‍රෝඩාවලින් වෙන්නේ තවදුරටත් රට ආගාධයකට තල්ලුවීම පමණයි. ඛේදවාචක පමණයි ඉතිරි වෙන්නේ.

ඕනෑම ස්වාධින රටක පාලන තන්ත්‍රයක් තුළ පුරවැසියාගේ මානව අයිතිවාසිකම් ඇත්තේ සියල්ලන්ටම ඉහළිනි

Connet With Us