දරුවන් අරගලකරුවන් කිරීම පිටුදකිමු ! Featured

Sunday, 17 April 2022 21:07

දරුවන් යනු රටකට සම්පතකි..රටකට අනාගත ආයෝජනයකි ..එම දරු සම්පත රැක ගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ දෙමාපියන්ටය...දෙමාපියන් යනු දරුවාගේ හොදම මාර්ගෝපදේශකයාය.

මන්ද දරුවෙකු මෙලොව එළිය දුටුදා පටන් දෙමාපියන් වෙහෙසෙන්නේ දරුවා යහපත් පුරවැසියෙකු කිරීම උදෙසා දරුවාගේ පෞර්ෂත්වය වර්ධනය කිරීමට වෙහෙසිමය..එය වෙනුවෙන් දරුවාට මග පෙන්වීමය..ඒ මක්නිසාද යත් කිසිදු මවක ,පියෙකු තම දරුවා කවදා හෝ දාමරිකයෙකු , අපරාධකරුවෙකු ,සමාජයට වෛර කරන්නෙකු වනවා දැකීම නොපතන නිසාය..

කුඩා දරුවන් සමාජය විසින් හදුන්වන්නේ මලක් ලෙසය..ඒ මලක ඇති පිවිතුරු භාවය,සියුමැලි භාවය,නිර්වජ්‍ය සුගන්ධය හරියට දරුවන් මෙන් නිසාය....දරුවන් වෛරය කියා දෙයක් දන්නේ නැත..ද්වේශය කියා දෙයක්ද නොහදුනන්නේය. ඔහුන් දන්නා එකම දේ තමන් ජිවත් වෙන මේ ලෝකයේ ඇති සුන්දර භාවය පමණකි..කවදා හෝ මිනිසෙකු ලෙස මේ සමාජයේ සිට ගන්නා විට ඔවුන්ට වෛරය ,ද්වේශය කියන මේ කාරණා ඔවුන්ගේ ජිවිත වලට අවතීර්ණය වී ඇත්තේ මේ සමාජයෙන්මය ..

එහෙත් අපට අද වන විට දකින්නට ඇත්තේ දරුවන් නොදරුවන් අරගල කරුවන් ලෙස සරසා ඇති ආකාරයයි. මේ දින වල මහ මග පැවැත්වෙන අරගල වලට දෙමාපියන් දරුවන් සහභාගී කරගෙන ඇති අන්දම අපට දකින්නට ඇත. අරගලයක කිසිදු හරයක් නොදන්නා දරුවන් දෙමාපියන්ගේ බල කිරීම් හෝ ඉල්ලීම් මත විටෙක අව්වෙන්ද ,විටෙක වැස්සෙන්ද ශාරීරිකව සේම මානසිකවද පීඩා විදිමින් අරගලයේ නිරත වන ආකාරය අපට මේ ජීවිත කාලය තුල දකින්නට ලැබීමම ඛේදවාචකයකි..

දරුවන් සමාජයට වෛර කරන්නන් බවට පත් කර ඇත්තේ දෙමාපියන්මය. දරුවන්ගේ සුන්දර ළමා ලෝකය උදුරා ගෙන ඇත්තේ තමන් හැදු වැඩු දෙමාපියන්මය..එපමණක් නොව පාසැල් දරුවන් පවා ගුරුවරුන් විසින් අද අරගලකරුවන් බවට පත් කොට ඇත..

සමාජය විසින් ‘ළමයා' යනුවෙන් සලකන්නේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ය..නීතියෙන් පවා දරුවන්ට සුවිශේෂී රැකවරණයක් දෙන්නෙ ඒ දරුවන් නිසාය. ඒ ජීවිත අපහරණය කරන්න තාඩනයට පීඩාවට පත්කරන්න හෝ දෙමාපියන්ට, ගුරුවරයාට හෝ නොහැකිය.

මේ පිළිබදව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතාද මවුපියන් ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ දරුවන්ට ඡන්ද අයිතියන් නොමැති බවත්, මෙවැනි උද්ඝෝෂණ සදහා ළමයින් සහභාගිකර ගැනීම හේතුවෙන් ඔවුන් විවිධ අනතුරු ලක්වනවා සේම ඔවුන් කායික , මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතින බවත්ය . එම නිසා ළමයින්ගේ ආරක්ෂාව සහ උපරිම යහපත සැලසීම සියලු පාර්ශවයන්ගේ වගකීම ලෙස සලකා මහජන උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි සදහා ළමයින් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙසට දෙමාපියන්, බාරකරුවන් ඇතුලු සියලු පාර්ශව වලින් ජාතික ළමා ආරක්ෂක අධිකාරි ඉල්ලීමක් කර ඇත.

ඔබ කළ යුත්තේ දරුවන් වෙනුවෙන් යහපත් රටක් හැදීම මිසක් දරුවන් ලවා ඔබගේ පටු ආශාවන් සන්තර්පණය වෙනුවෙන් යොදා ගැනීම නොවේය. විශේෂයෙන්ම දෙමාපියන්ට තමන්ගේම දරුවාවුවද අපහරණයට ලක් කිරීමේ කිසිදු අයිතියක් නැත. ළමා අයිතිවාසිකම් පිළිගන්නවා නම් ඒ සදහා ඇති නීතිය ක්‍රියාත්මක වේ නම් මේ දරුවන් දේශපාලන විරෝධතා වලට ගෙන එන දෙමාපියන්ට එරෙහිව කටයුතු කළ යුතු කාලය දැන් එළඹි ඇත.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us