ගඟට ආවඩන්න පෙර කල්පනා කරන්න..

Wednesday, 13 April 2022 17:50

කොවිඩ් 19 නම් වෛරස් ප්‍රහාරයකින් අපේ රට මහා බිහිසුණු අත්දැකීමක් ලැබුවද කියා ජනතාවට දැන් අමතක වී ඇති සේයාවකි.

අප එක් අතකට ඒ පිළිබදව සතුටු විය යුත්තේ මෙලෙස සැහැල්ලුවෙන් අප අද නිදහසේ හුස්ම ගන්නේ ඒ බිහිසුණු වෛරසය බොහෝ දුරට මේ වන විට අපේ රටින් තුරන් වූ නිසාය.. මෙම වෛරසය අපේ රට ගිල ගත් මොහොතක වත්මන් රජය එය මර්දනය කර පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කිරීම උදෙසා ගත් උත්සාහය,සාර්ථක වැඩ පිළිවෙල අපට අමතක කළ නොහැකිය..ඇතැම් විට එදා ගත් බොහෝ තීරණ අනාගතය ගැන කල්පනා නොකර අවස්ථාව අනුව ගත් තීරණ විය..ඕනෑම රාජ්‍යයකට වසංගතයකදී හෝ යුද්ධයකදී යන හදිසි අවස්ථාවන් තුළදී මුලික උත්සාහය බවට පත්වන්නේ පුරවැසියන්ගේ ජිවිත සුරක්ෂා කර ගැනීම පමණකි..එහිදී ගනු ලබන තීන්දු තීරණවල ප්‍රතිපල අනාගතයේදී සුබ හෝ අසුබ විය හැකිය..

අපේ රටද අද මුහුණ පා සිටින මේ අර්බුදයන්ට හේතුව වී ඇත්තේ එදා වසංගතය අවස්ථාවේදී රජය මගින් ගනු ලබන ඇතැම් තීන්දු තීරණ නිසා යැයි කීම නිවැරදිය..එහෙත් එම අවස්ථාවේදී රටේ පාලකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනු ලැබුවේ අවස්ථානුකුල නිවැරදි තීරණ බව කීම ඊටත් වඩා නිවැරදිය.

එදා කොවිඩ් මැඬලීම පිණිස රජයට අතිවිශාල ජාතික ධනයක් වැය කිරීමට සිදු විය. වසංගතය අවස්ථාවේදී ආනයනික එන්නත්, ඖෂධ, සෞඛ්‍යාරක්ෂිත උපාංග ආදියට රජය ඩොලර් බිලියන ගණනින් පිට රටට වියදම් කළේය. රට වසා තැබිය යුතු අවස්ථාවලදී ආර්ථිකයට අවාසි වුවද, මහජන ජීවිත වෙනුවෙන් අවශ්‍ය විටදී අවශ්‍ය තීන්දු තීරණ නොබියව ගැනිණි. ආර්ථික සංවර්ධනය අතින් හිනිපෙත්තේ පසුවන ඇතැම් රටවල් මෙන්ම කලාපීය වෙනත් බොහෝ රාජ්‍යයන් එමඟින් එතරම් සාර්ථක ප්‍රතිඵල නෙළා නොගත්ත ද, කොවිඩ් මැඬලීමට මෙරටට හැකියාව ලැබුණි.

කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික ගැටලු හමුවේ අප රටටද විදේශ විනිමය අතින් අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇත. ඉකුත් දෙවසරකට වැඩි කාලයක් තිස්සේ පැවැති කොවිඩ් වසංගතයේ දැඩිකම එයට කෙළින්ම බලපා ඇත. එමඟින් ආනයන අපනයන කෙරෙහි දැඩි බලපෑම් ඇති විය. බොහෝ රටවලට වෙළෙඳ නෞකාවල බහලුම් වෙන් කරවා ගැනීම පවා දුෂ්කර විය.

කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේදී අත්‍යවශ්‍ය පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සියල්ල විදෙස් රටවලින් ආනයනය කෙරිණි. එසේම මුළු වැඩිහිටි ජනගහනය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් සැපයීම, සංවර්ධිත රටකට වුව ද අතිශය වියදම්සහගත කටයුත්තකි. රාජ්‍ය ආදායම් වැඩිමනත් වැය කළේ මේ වෙනුවෙනි.

කල්තබාම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශිත ප්‍රමිතියෙන්, එම මාත්‍රාවෙන් අන්තර්ජාතික පිළිගැනීමට අනුවම මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් නොමිලයේ ලබා දුනි. කායික දුබලතා සහිත සහ වියපත් ජනතාව ළඟටම ගොස් එන්නත් දීමට මෙරට රාජ්‍ය නිලධාරීහු කටයුතු යෙදූහ. ඒ වෙනුවෙන් රජයට විශාලා පිරිවැයක් දැරීමට සිදු විය . පුද්ගලික අංශයේ මැදිහත් වීමකට ඉඩ නොතබා රජය කෙළින්ම කොවිඩ් එන්නත් නිපදවන රාජ්‍යයන් ඔස්සේ මෙරටට කඩිනමින් එන්නත් ගෙන්වීමට කටයුතු කළේය. ඇතැම් එන්නත් ගබඩා කර තැබීමේදී නවීන තාක්ෂණික පහසුකම් වුවමනා විය. ඒ සඳහාද කඩිනම් පියවර ගැනුණි. ආර්ථික අපහසුතාවට පත් වූ ජනතාවගේ ජීවන තත්වයන් කඩා නොවැටීමට මුල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීම සිදුවිය. අඩු පොලී ණය ක්‍රම ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් මේ වන විට එහි ප්‍රතිලාභ රටට ලැබී ඇත. එය සෙසු බොහෝ රාජ්‍යයන් සමඟ සසඳා බලන විට මෙරට ලද විශිෂ්ට ජයග්‍රහණයකි.
එහෙත් අද ජනතාව ඒ සියල්ලක් අමතක කරමින් කූට දේශපාලන ප්‍රවාහයන්වල ඉත්තන් බවට පත් වී මහ මග අරගල කරමින් සිටි..අරගල කිරීම පුරවැසි අයිතියකි...එහෙත් මුල මතක් කර ගැනීම පුරවැසියාගේ යුතුකමකි..අනාගතය ගැන කතා කළ යුතු වන්නේ මේ පැමිණි මග අමතක කර නොවේ.. රටට අවංක වූ නායකත්වයක් අහිමි කර ගැනීම කෙතරම් දුරට ප්‍රඥාගෝචරද යන්න ගැන පුරවැසියන් නැවත නැවත කල්පනා කළ යුතුය. ළිඳෙන් වතුර බී ගඟට ආවැඩීම ගැන කියමනක් තිබෙන්නේ මේ තත්වයන් ගැන කල්පනා කරන්න අවශ්‍ය නිසාය.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us