ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අස්ථානගත වීමේ චෝදනාව මත එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කීර්ති සමරසිංහ දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ‍රෝහණ මහතා පැවසුවේය.

සමාජ මාධ්‍ය ඇසුරෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරමකට අදාල වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී ඇත.

පසුගියදා අප විසින් හෙළිදරව් කළ පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට සිය කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්ථානයකට ‍රැගෙන යන ලෙසද උපදෙස් දී තිබුණද ඔහු ඒ ප්‍රතික්ෂේප කර ඇත.

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කටයුතු කළ පක්ෂ 14 ක් වෙන වෙනම කටයුතු කරන්නට වීමෙන් එම සන්ධානයේ පැවැත්ම අවිනිශ්චිත වී තිබේ. මෙම තත්වය සලකා බලා සන්ධානය විසුරුවා හැරීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය හා එකඟව කටයුතු කරන ඉතිරි පක්ෂ කිහිපයක් සමඟ නව තනතුරු වෙනස්කම් සහිතව පවත්වාගෙන යාම හෝ නුදුරේම සිදු වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට ඉඩ සැලැස්වීමක් නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සේවා කාලය මේ මස 21 වැනිදායින් අවසන්වීම නියමිතය. ඔහු විශ්‍රාම යාමෙන් පසු හිස්වන යුද හමුදාපති තනතුර සඳහා මේජර් ජනරාල් ජේ.සී. රඹුක්පොත මහතා පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

UNP ය පරදවන්න වම වෙනම

Published in පුවත්
Tuesday, 17 February 2015 10:35

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කැර ගනිමින් 'යූ.ඇන්.පී. ය පරදවමු ප්‍රගතිශීලී මඟ ගොඩනගමු' මැයෙන් ගාල්ල නගර ශාලාවේදී සම්මන්ත්‍රණයක් 26 වැනි දින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂය ඒකාබද්ධව සංවිධානය කැර ඇත.

බුධ, සිකුරු, අඟහරු සහ සෙනසුරු යන ග්‍රහයන් සිව්දෙන පසුගිය වසර අවසානයේදී සූර්යයා සමග බොහෝ ළංව පිහිටා තිබීමෙන්, අප රටේ පමණක්‌ නොව මුළු ලොව පුරාම කාලගුණ පෙරළියක්‌ සිදු කළේය.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us