මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ නැකත් සීට්ටුව අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අදට (13)යෙදී තිබේ. ඒ අනුව දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිසා සමුළුවේ දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බැන වදිමින් හූ කී පිරිසකට විරෝධය දැක්වූ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දුන් බවට සැක පිට අධිකරණයට ඉදිරිපත් වූ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ නීතීඥයෙක් ඇතුළු පස් දෙනෙක් ඇප මත මුදා හැර තිබේ.

නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන 2015 සයිබර් අවකාශය පිළිබද ලෝක සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් .පී.පෙරේරා සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

වත්මන් රජයේ පාලන කාලය තුළ ජනතාවගේ ජීවන බර අවම කිරීමට හැකි වීම නිසා වසර ගණනාවකට පසු ජනතාවට පීඩාවකින් තොරව අවුරුදු සැමරීමට අවස්ථාව උදා වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඇල්පිටිය නගරයේ ඊයේ (11) පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, අපවත්වී වදාළ අති පූජ්‍ය කීර්ති ශ‍්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛි මහනාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

නීත්‍යනාකූල ආකාරයෙන් හමුදා සේවයෙන් ඉවත් වීමට ලබා දී ඇති පොදුසමා කාලය තුළ සෙබළුන් 10,000කට අධික පිරිසක් හමුදා සේවයෙන් ඉවත් වී ඇත.

ld add copy

Connet With Us