හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කිරීමට තීරණය කැර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියක් සඳහන් ‍කළේය.

බාල වර්ගයේ ඩීසල් මෙට්‍රික්‌ ටොන් තිස්‌දහසක්‌ රැගත් නෞකාවක්‌ කොළඹ වරායට ළඟාවී තිබේ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සොයාබලා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැමීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකා රජයට එකඟ වී ඇත.

ආගමික ප‍්‍රචණ්ඩත්වය ඇතිකිරීම වෙනුවෙන් ජාතිවාදී සංවිධානවලට මිලියන ගනනින් මුදල් ලබාදීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර ඇති බව අසාද් සාලි මහතා පවසයි.

ඒ අනුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් නායකත්වය දරන රාවණා බලය සංවිධානයට රුපියල් මිලියන දෙකහාමාරක් ලබාදී ඇත. එම ගනුදෙනුව බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානියා වන චන්ද‍්‍රා වාකිෂ්ඨ හරහා ලබාදී ඇති බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය ලෙස හඳුන්වමින් 'නිල් බළකාය' නමින් මෙතෙක් ක්‍රියාත්මක වූ මැර සංවිධානය විසුරුවා හැරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

වැලිකඩ සිරකරුවන් සංහාරය සම්බන්ධයෙන් නිතිඥ උදුල් ප්‍රේමරත්න හා තවත් මානව හිමිකම් ක්‍රියාදරයන් විසින් නීතියේ සාධාරණත්වය ඉ‍ටුකරන ලෙස වත්මන් පාලනයට බල කරමින් ගෙන යන ව්‍යපාරයට එරෙහිව නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ඉතා පහත් හා නිර්ලජ්ජිත ආකාරයෙන් ඒ විහිළුවට ලක් කිරීම හා ඒ සම්බන්ධයෙන් විකෘති කරන ලද පුවත් විකාශය කිරීම ගැන උදුල් ප්‍රෙමරත්න මහතා ලංකා ඩේලි වෙඩ් අඩවියට කරන ලද ප්‍රකාශය පිලිතුරක් නෙත් එෆ් එම් අධිපති නිහාල් සෙනෙවිර ත්න ඈපා මහතා විසින් ඊමේල් ආධාරයෙන් ප්‍රචාරය කරමින් සිටී.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨ‍්‍රපති භවන්හීදී පැවැත් වුණි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්පාප් වහන්සේගේ මෙරට සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් ලබාදුන් පරිත්‍යාග මුදල නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට උන්වහන්සේ තීරණය කර තිබේ.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us