විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත බදාදා (21 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සමඟම දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද එදිනම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එම තනතුරින් ඉල්ලා අස්වන්නැයි ශ්‍රි ලංකා නිතිඥ සංගමය අද  පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ලා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෙත් ශාන්ති, අනවින, කොඩිවින සිදු කළ ප්‍රධාන සාත්තරකාරියක වන පිට්ටුගල ප්‍රියන්තා සේනානායක වත්මන් මෛත්‍රීපාලනයටද රිංගා තිබේ.

පසුගියදා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම වැඩභාරගන්නා අවස්ථාවේදී තවත් ගෝල බාලයින් දෙදෙනෙකු සමග ඇය එම ස්ථානයට පැමිණියහ.

පසුගිය ජනාධිපතිවරණයේදී නාරහේන් පිට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ජනාධිපතිවරණ ප්‍රතිපල වෙනස් කිරීම හා ජනාධිපතිවරණ අන්තර්ජාල මෙහෙයුම් සඳහා වූ මධ්‍යස්ථානයේ පාවිච්චි කළ පරිගණක තොගයම ඊයේ හා පෙරේදා දින දෙකේදී රහසිගතව ‍රැගෙන ගොස් තිබේ.

පසුගිය 2015 01 15 දින අප විසින් පල කළ පුවතක් මඟින් හසන්ත හෙට්ටි ආරච්චි මහතාට අපහාසයක් කර ඇති බව දන්වා තිබේ.


පසුගිය ජනාධිපතිවරණයේදී එම කටයුතු වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ පිහි‍ටුවා තිබු මැතිවරණ මෙහෙයුම් කමි‍ටුවෙන් දේශපාලන කටයුතු සඳහා මුදල් ලබා ගත් බව අනාවරණය වී තිබෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටින බව ලංකා ඩේලි වෙත දැන ගැනීමට තිබේ.

පසුගිය රජය සමයේ සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් හා තමාට වූ බලපෑම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව හිටපු මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට අද (17දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

ld add copy

Connet With Us