හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල 'නෙළුම් පොකුණ ජාතික රඟහල' ලෙස වෙනස්‌ කරන්නැයි කලාකරුවෝ රැසක්‌ සංස්‌කෘතික ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගෙන් ඊයේ (16 දා) ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විශේෂ ප‍්‍රචාරක පුවරු සහ බැනර් මහාමාර්ග දෙපස සවි නොකරන ලෙස රජය ඉල්ලීමක් කරයි. මීට අමතරව ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විද්‍යුත් රූප රාමු ප‍්‍රදර්ශනය කිරීම, දිරිමත් නොකරන ලෙස ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඡන්ද විමසීම්වලට සම්බන්ධ නීති රීති සංශෝධනය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා කෙටි කාලසීමාවකින් සිදු කිරීම අනුවණ ක්‍රියාවක්‌ බව මැතිවරණ කොමසාරිස්‌වරයා පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ භාවිත කළ අංක තහඩු නොමැති වාහන සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

රතුපස්‌වල සහ වැලිවේරියේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා මරණයට පත් කළ සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය ඊයේ (16 දා) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශ සඳහා සංචාරය කිරීමේදී විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ සඳහා උපදෙස් ලබා තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි ඇති නඩු 5 රජය ඉල්ලා අස්‌කර ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 

ld add copy

Connet With Us