ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය දැක්විය නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාඳුළුවාවේ සෝභිත හිමියෝ සහ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත.

නීතිවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට ලබාදුන් ප‍්‍රශ්ණ පත‍්‍ර කිහිපයක යම් ගැටළුවක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වේ. දෙවන වසරේ සිසුන්ට ලබා දුන් දේපල නීතිය සම්බන්ධ ප‍්‍රශ්ණ පත‍්‍රයේ පලමු සහ දෙවන කොටස් වල මෙම ගැටළුව මතුව ඇත.

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයි වාර්තා වෙයි.

විධායක ජනාධිපතිධූරය යටතේ ත්‍රස්තවාදය ඉපදී වර්ධනය වීමට අමතරව වර්ධනය කරනු ලැබූ බවත් ඒ නිසා ඒකාධිපති විධායක ජනාධිපති ධූරය තිබූ පමණින් ත්‍රස්තවාදය යටපත් කළ නොහැකි බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන් මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් කොස්‌ලන්ද මීරියබැද්ද නාය යැමෙන් මියගිය අයගේ මළ සිරුරු සෙවීමට පොලිස්‌ නිල සුනඛයන් තිදෙනකු ඊයේ (31 වැනිදා) ගෙන විත් තිබිණි.

ජාතික හෙළ උරුමය විසින් ගෙනැවිත් ඇති 19 වන සංශෝධනය මගින් සිදුකර ඇත්තේ අදට අවශ්‍ය අවංක බලය බෙදීමක් වෙනුවට ලබා දුන් සුළු බලයත් උදුරා ගැනීම බවත් මෙවැනි පනත් ගේනවාට වැඩියෙන්ම සංතෝෂ වෙනවා ඇත්තේ කොහේ හරි ලෝකෙක ඉඳන් බලාගෙන ඉන්න වේලුපිල්ලෙ ප‍්‍රභාකරන් බවත් අය වැය විවාදයට සහභාගී වෙමින් එජාප පා.ම. මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සම්බන්ධ අන්තර්ජාල 'ඊ පේ' මෘදුකාංගය අක්‍රියවීම නිසා මුදල් ගනුදෙනු සියල්ල නතර වී තැපෑලට රුපියල් කෝටි පහකට අධික පාඩුවක්‌ සිදු වී ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ පැවසූහ.

ධනපතියෙක් හෝ ආයෝජකයෙක් ඉඩමක් ගැනීමට පැමිණි විට හෙලිකොප්ටරයෙන්, රජයේ වියදමෙන් ඔවුන් රැුගෙන ගොස් ඉල්ලන ඕනෑම ඉඩමක් දෙන පාලකයින් දුප්පත් ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කොහේ හෝ මුල්ලකට ඇද දැමීමේ ප‍්‍රතිපත්තියක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

 

ld add copy

Connet With Us