ලොව වෙසෙන ජනගහනයෙන් 10% ක්‌ වන සුපිරි ධනවතුන් ලොව ඇති වත්කම්වලින් 48% ක්‌ අයිතිය දරන බව පසුගියදා කළ සමීක්‍ෂණයකදී හෙළිව අැත.
දකුණු කොරියාවේ ඉංචියොන්හී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය.
ඉදිරියේ දී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී ජාත්‍යන්තර නිරීක්ෂන කණ්ඩායමක් මෙරටට එවීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය මේ වනවිටත් සිය කැමැත්ත පළ කර තිබේ. 

ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කරන කරුණු 07 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා ඉෂ්ට නොකර ජනාධිපතිවරණය පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදී තුන්වැනි පොදු අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන බව එම පක්ෂය අවධාරණය කළේය. 

මීළඟ ජනාධිපතිවරණයේදී රජුන් තනන්නේ මහසඟරුවන ප‍්‍රමුඛ ජාතික බලවේග බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවට බියක් ඇතිකර ගත යුතු නැති බවත්, තමා යලි ජනාධිපති ලෙස පත්වූ විට  ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය කල් දැමීමට වුවද හැකියාවක් පවතින බවත්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය යුද සමයේ උතුරේ දෙමළ ජනතා සතුව තිබී රජය විසින් අත්පත් කරගත් රන් භාණ්ඩ නිසි ලෙස ආපසු දෙමළ ජනතාවට ලබාදී නැතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

 

ld add copy

Connet With Us