ක්‍රිකට් තරගාවලියක දී අපේ පිලට ජය පතා පන්සලට, පල්ලියට සහ කෝවිලට ගියාම දිවිය ලෝකෙට යා හැකි බව බුදු රජාණන් වහන්සේවත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත්, මුහම්මද් නබි තුමාවත් දේශනා කර තිබෙනවාද? නැහැ.... නමුත් අප එසේ පන්සලට, පල්ලියට, කෝවිලට ගොස් අපේ පිල වෙනුවෙන් ආශිර්වාද පතන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය නිසා යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව ඊට එරෙහිව කරුණු නොදැක්වීම සම්බන්ධයෙන් 
ආණ්ඩුවේ විදේශ කටයුතු බව අමාත්‍ය ජි.එල්. පිරිස් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. 

ජනාධිපතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වීමට ආණ්ඩුව ස්ථීර වශයෙන්ම තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට යුරෝපා සංගම් ගත් තිරණය පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එසේම මෙම තීරණය භයානක තීරණයක් මෙන්ම ලෝකයම අස්ථාවර කළ හැකි තීරණයක් විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු බෙදීම තවමත් නිමා වී නැත. උෟව පළාත් සභා විපක්‍ෂ නායක, හරීන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17)  පැවසීය.

තම පක්‍ෂය ඊළාම් සංකල්පය මුළුමනින්ම අත් හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් දී ඇති බවත් එබැවින් පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා වහාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ජනාධිපතිවරණය පෙනි පෙනී සිය ඡන්ද අයිතිය අහිමි කිරීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට යළිත් වරක්‌ "ෆොන්සේකා භීතිකාව" වැළඳී ඇති බව යෑයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ලංකාව පුරා පිහිටි ගල් පර්වත පරික්ෂා කිරීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ප‍්‍රකාශ කළේය.

 

ld add copy

Connet With Us