මීගලෑවේදී දරුවෙකු පැහැරගැනීමේ සිද්ධිය සැලසුම්කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අඹන්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ඌව පළාත් මැතිවරණය සඳහා කිසිදු දායකත්වයක් ලබා නොදෙන බවට එම පළාත් සභාව සඳහා ඉදිරිපත්ව සිටින එම පක්ෂයේ අපේක්ෂකයින්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වෙත පැමිණිලි කර ඇත.

බොරු චෝදනා හා අපහාසවලින් රජයේ ගමන කිසිවෙකුට වැළැක්විය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයෙන් මංගල සමරවීර මහතා වහාම ඉවත් කරන්නැයි මාධ්‍ය ආයතන ප්‍රධානියකු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමේ අදහස ටික කලකට කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

සන්ධානයේ අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ නම දන්නේ නැති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

වසර සියයකට වඩා පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ තිබෙන එල්ලුම් ගස දුම්බර ඉදිකැරෙන බන්ධනාගාර කෞතුකාගාරය වෙත රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. බෝගම්බර බන්ධනාගාරයේ තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති භාණ්ඩ මේ වන විටත් දුම්බරට රැගෙන ගොස් ඇත.

මාතර - කතරගම දුම්රිය මාර්ගය මෙරට ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ග ලෙස ඉදිවේ.

 

ld add copy

Latest News

Connet With Us