දිවයින පුරා රූපලාවන්‍යාගාර බොහෝමයක් මේ වන විට දින නියමයක් නොමැතිව වසා දමා ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. 

පක්ෂයේ තනතුරු නාඩගම නිසා ආණ්ඩුවේ ආයුෂ වැඩිවන බවත්, එය නොතේරෙන කවරෙකු වුවද ද්‍රෝහියකු බවත්   මහා සංඝයා වහන්සේලා එක්සත් ජාතික පක්ෂ නායකයින් වෙත  අවධාරණය කර සිටිති.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදී ඇත. එහි පිටපතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක වූවද, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 03 වන වරට ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය අද ප‍්‍රකාශ කළේය. ඒ, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලනොපාන බව සඳහන් කරමිනි.

බණ දේශනා කරමින් සිටි කාලය අවසන් බවත්, බණ අණ සමග වැඩ කරන්නට පටන්ගත යුතු බවත්, නිදාසිටින වගකිවයුත්තන් අවදි කරන්නට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බවත් එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

තම පියා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තේ බොන බවත් තමන්ද හරීන් ප‍්‍රනාන්දු මහතා සමඟ තේ බීමේ වරදක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

වසර 800කට පසු ඉන්දියාවේ නාලන්දා සරසවිය  විවෘත කරමින්  සිසුන් 15 දෙනෙකුගෙන් පන්ති ආරම්භය අද(02) සටහන් කෙරුණි. 
කලම්බු ට්‍රේඩින්‘ ලෙස ව්‍යාජ ආයතනයක්  පවත්වාගෙන යමින් කෝටි ගණනක මූල්‍ය වංචාවක නිරතවූ සිව් දෙනෙකුගේ කණ්ඩායමක් වැල්ලවත්ත පොලිසිය විසින් අද(02) අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ld add copy

Latest News

Connet With Us