හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බව, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළහ.
කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අද සිදුවූ ප්‍රහාරය ඇතැම්විට සැළසුම් සහගත ප්‍රහාරයක් විය හැකි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ අද(23) දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවීය.
කුඩා දරුවන් සමග සිඟමනේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට ලබා දෙන ලෙසය.
මීට වසරකට පමණ පෙර දඹුල්ල ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිඟමන සඳහා යොදාගත් බව කියන යාචකයෙකු ඊයේ අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගැනුණි. මේ වන විට අදාළ සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අදාළ දරුවා සිය මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිටියදී මෙම පැහැරගැනීම සිදුවී ඇත.
කෙසේ වෙතත් අදාළ මිත්තණිය ද සිඟමනේ යෙදුණු කාන්තාවක් බව පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම දරුවා සොයා ගැනීමට පොලිසිය විසින් මාස 10ක පමණ කාලයක් විවිධ උත්සහ දැරීය. දඹුල්ල පොලිසිය වෙත ලද තොරතුරක් මත එවැනි දරුවෙකු සොයාගෙන ඇත. එම සොයාගත් දරුවාගේ මව සහ මිත්තණිය විසින්, තමන්ගේ දරුවා බවට හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම දරුවා යාචකයෙක් බාරයේ තබාගෙන සිට ඇති අතර දරුවාගේ මිත්තනිය ද යාචක වෘත්තියේ දී සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
මාතෘත්වය හා පිතෘත්වය පරික්ෂා කිරීම සදහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ය.