රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන නිසා එම නීති සං‍‍‍ශෝධනය කිරීමට හෝ අලුතින් නීතිගෙන ඒමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයට උපදෙස් ලබාදී ඇත.‍

ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘදයාබාධ, දියවැඩියාව සහ ආඝාතය වැනි රෝග ඇතිවීමට හේතු වන බව ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට ඉරිදා  (17) දිවයින පුරා මධ්‍යස්ථාන 2870කදී පැවැත්වේ. 17 වැනිදා පෙරවරු 9.30 සිට 10.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයත් පෙරවරු 10.45 සිට දහවල් 12.30 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයත් පැවැත්වේ.

 විමල් විරවංශ මහතාගේ අමාත්‍යංශයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය අෂු මාරසිංහ මහතා,  රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ආරම්භකරනු ලැබ ඇති දේශපාලන ක්‍රමෝපායික කාර්යංශයේ ප්‍රධානියා ලෙස  පත් කොට ඇත.

ටෙස්ට් තරග 150කදී තරග තීරක වශයෙන් කටයුතු කළ පළමු අයි.සි.සී. විශේෂිත මට්ටමේ තරග තිරක ලෙස ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල ඊයේ  (15) වාර්තා අතරට එක්විය.

වව්නියාව - බෝගස්වැව - නාමල්උයන විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් සහ විහාරස්ථානයේ රැදී සිටි තවත් පුද්ගලයෙකු අකුණු සැර වැදී ඊයේ  (15) ජීවිතක්ෂයට පත්ව ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සිය ධූරයෙන් ඉවත් නොවනු ඇති බවත්, ඔහු ඊළඟ නිලවරණය තෙක් එම තනතුරේ කටයුතු කරනු ඇති බවත් ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචි  මාර්ග පවසයි.

ලංකා දුම්කොළ සමාගම විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ පැවැත්වූ වැඩසටහනකට ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේගේ විරෝධය පළ විය.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us