රටේ අනාගතය ගැන හිතලා ජන්දය පාවිච්චි කරන්න – ජනපති කියයි!

Published in පුවත්
Friday, 16 August 2024 11:40

පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය අද දින (16) කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිට එළිදැක්වීය.

''පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය එළිදක්වන අවස්ථාවේ  දී ජනාධිපතිවරයා පවසා සිටියේ පුළුවන් ශ්‍රී ලංකාවක්,ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් හදන්න එකතු වන ලෙසයි. 

අද දවසේදී මෙලෙස පුළුවන් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සම්මුති ගත වන්නේ රටේ අනාගතය වෙනුවන් වන බවත්  මෙය කැප වී ඇත්තේ රට වෙනුවෙන් බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මෙම ඓතිහාසික සම්මුතියට එක්වන්නේද බෑ කියා පැන ගිය අය නොව පුළුවන් යැයි හිතපු මිනිසුන් බවද හෙතෙම සඳහන් කරන ලදී.

”අමාරුම කාලේ ආර්ථිකය,දේශපාලනය කඩා වැටුණු අවස්ථාවේ කවුද හිටියේ.දේශපාලන නායකයෝ පැනල ගියා. මේක මම භාර ගනිද්දී පක්ෂයක් තිබුණේ නැහැ. මට පුළුවන් කියල පාර්ලිමේන්තුවේ කොටසක් මා සමඟ එකතු වෙලා මේ ගමන ආවා. ඒ පුළුවන් වීම නිසා තමයි අද මේ රැස්වීම තියන්නේ. දැන් අපේක්ෂකයෝ කියනවා තමන් ගැන හිතල ජන්දේ දෙන්න කියල. මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ ඔබේ අනාගතය ගැන හිතල ජන්දේ පාවිච්චි කරන්න. පුළුවන් ශ්‍රී ලංකා ගමනට අපි ඔක්කොම එකතුවෙලා යමු. අපි භාරගත්තේ බංකොලොත් රටක්. පෝලිම් යුගයක්. ඉන්ධන පෝලිම්,ගෑස් පෝලිම්,ආහාර පෝලිම්,බෙහෙත් පෝලිම්.අපිට සල්ලි තිබුණේ නැහැ. සමහර දවස්වල ඩොලර් මිලියනයක් තිබුණේ නැහැ. එහෙම බංකොලොත් ආර්ථිකයක් මෙතනට ගෙනල්ලා තියෙනවා. අමාරු තීරණ ගන්න වුණා. කැමැත්තෙන් කළා. නෙවෙයි. දරුවෙක්ට බෙහෙත් පොවනවා වගේ වැඩක්. ඒක කළේ රට වෙනුවෙන්. අපි අලුත් බලවේගයක් ලෙස ඇවිත් තියෙන්නේ. තව අවුරුදු පහක් මේ ගමන යන්න ඕනේ. අලුත් නායකත්වයක් හැදෙන්න ඕනේ. කණ්ඩායමක් ලෙස ඉදිරියට ගිහින් රට හදන්න ඕනේ. ගම්මාන හදන්න ඕනේ. සිංහල,දෙමළ,මුස්ලිම් මේ හැම ජනතාවක්ම එකතු කරගෙන මේ ගමන යන්න ඕනේ. පුළුවන් ශ්‍රී ලංකාවක් අපි ගොඩනගන්න ඕනේ.”

යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරන ලදී.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us